SANKALPANA

Just another WordPress.com weblog

පොලිස්පතිතුමා හමුවන්නට ඕනැද?

ශ්‍රී ලංකාවේ දුෂීත ආයතන අතර පොලිස් සේවටද ඉහල තැනක් ලැබී ඇත්තේ පොලිස් සේවයේ පවතින දුර්වලතා වලට වඩා පොලිස් සේවයේ යෙදෙන්නන්ගේ දුර්වලතා නිසාය. දැන් නව පොලිස්පතිවරයෙක් පත්වී ඇත. එතුමා පෙර සිටි පොලිස්පති වරුන්ට වඩා වෙනස් දෙයක් කරන්නට සැරසේ. එනම් මහජනතාවට එතුමා මුණ  ගැසි තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබා දීමයි. ඒ සදහා සැම සිකුරාදා දිනයකදීම පෙ.ව. 11.30 සිට 02.30 දක්වා කොළඹ 01 පොලිස් මුල්ස්ථානයේ පැවැත්වේ. ඔබගේ ගැටලුවට දැන් පොලිස්පතිතුමා මගින්  විසදුමක් ලබා ගැනිමට හැකි වී ඇත.

මෙම ඉතාම සත් ක්‍රියාවකි. මෙසේ මහජන දිනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාන්ද පැවැත්විය. එහෙත් ඒ කොපමණ කලකටද යන්නත් මතක තබා ගැනිම වටී. පොලිස්පතිතුමාද එසේ විමට ඉඩ ඇති බැවින් වහාම කල ගත යුතු දෙයක් ඇත්නම් එය කර ගැනිම නුවනට හුරුය. නැතිනම් එහිද අවස්ථාව මග හැර ගන්නට සිදුවේ.

ලංකවේ පොලිසියේ මහත්වරුන් අඩුය. ඇත්තේ උසස් අධ්‍යාපන ආයතන වල සිසුන්ට පුද්ගලික ගැටලු වලට පහර දෙන පොලිස් ලොක්කන්නය. අසරණයන්ට මැරෙන තුරු පහර දෙන්නන්ය. පගා මරුවන්ය. දුෂීත පොලිස් සේවයට දැන්වත් යහපතක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

November 7, 2009 Posted by chamaramj | කාලීන | | No Comments Yet

ලංකානෙට් උබුන්ටු දා ගතිමි

ලංකානෙට් ආයතනය මගින් දෙන ලද උබුන්ටු කස්ටම් සිඩි එක මාත් දා ගත්තා. මේක නම් නියමම ැඩක්. අපි ඉතින් අවුරුදු ගානක් කවුලුත් එක්ක හිටපු අය නිසා මේක ටිකක් අමුතුයි වාගේ. ඒත් ගානක් නැ. මේ දවස්වල පොඩි නිවාඩුවක් තියෙනවා ඒකේන් අපේ යාලුවෙක් සෙට් කරගෙන අහගන්නවා දන්නැති ඒවා. ලංකාවේ ඕපන් සෝස් ප්‍රචාරය කරන්න ලංකානෙට් ආයතනය ගන්නා උත්සාහය අගය කරන්න ඕනේ. මේ ලියන්නේ එතුමන්ලාට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියා පතන ගමනුයි. එකම අවුලකට තියෙන්නේ මගේ කැනෝන් ස්කැනරේ ගන්නේ නැති එකයි. ඒක දාන හැටි දන්න අය උදව් කරන්න. ලංකානෙට් ආයතනයට මෙවැනි දේ කිරිමට තව තවත් හැකියාව ලැබේවා….

October 22, 2009 Posted by chamaramj | Uncategorized | | 2 Comments

අලුත් සිංදුවක් අහමුද? (සයුරි)

අපේ කොල්ලෙක් කරපු අලුත් සිංදුවක් තියෙනවා.. මේක ඔයාලටත් අහන්න දෙන්න හිතුනා. බලන්න ලස්සනද කියලා. මේක කියන්නේ දුමින්ද. හොද සංගීතය දන්න කොල්ලෙක්. අහලාම බලන්නතෝ ලස්සනද කියලා. මේකෙන් කියවෙන්නේ මොකක් ගැනද කියලාත් බලන්න….

මේක අප්ලෝඩ් කරන්න මට හොද සයිට් එකක් හම්බ උනේ නැ. මේකට තමයි දැම්මේ. ටිකක් ඉවසලා ඉදලා බාගන්න

මෙන්න බාගන්න….අහලා බලලා හොද නරකත් කියන්න…

October 7, 2009 Posted by chamaramj | Uncategorized | | 5 Comments

කාන්තාරයේ කුසුම හා කාන්තාරයේ දරුවෝ….

කාන්තාරයේ කුසුම සහ කාන්තාරයේ දරුවෝ වනාහි වාරිස් ඩයරි නම් වු සෝමාලියාවේ ‍උපත ලබා ඉන් පසුව ප්‍රසිද්ධ නිරුපන ශිල්පිනියක් සහ පසු කලක එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිතවරියකගේ සත්‍ය අත්දැකිමි අනුව ලියවුනු කෘතින්ගේ සිංහල පරිවර්තනයයි. මෙම සිංහල පරිවර්තනය රංජිත් කුරුප්පු මහතා විසින් රචනා කර ඇත. අප්‍රිකානු සමාජායේ හා ඇතැම් ඉස්ලාම් භක්තිකයන් විසින් සිදු කරන ස්ත්‍රි චර්ම ඡේදනයේ අමිහිරි අත්දැකිම් මගින් මෙම කෘතිය සමන්විත වී ඇත. ස්ත්‍රිත්වයේ සියුම් බව විදිනු වෙනුවට අදම ක්‍රියාවන් මගින් අසරණ දැරියන්ට විදින්නට සිදුවන දුක් ගැහැට මෙම කෘතිය මගින් හෙලි වේ. අද වන විට යුරෝපයේ බොහෝ ස්ත්‍රින් අලංකරණය පිනිස මෙසේ ස්ත්‍රි යෝනියේ ඇතැම් කොටස් කපා ඉවත් කරනු දක්නට ලැබේ. කතුවරිය වයස අවුරුදු 10 වන විට මෙසේ චර්ම ‍ඡේදනයට ලක් වී ඇත. ඇය විදි දුක් වේදනා හා සමාජයෙන් ඇයට ලැබුන කෙනෙහිලිකම් මෙම කෘතිය මගින් මනාව පෙන්වා ඇත. සොයා ගෙන කියවා බලන්න…

September 25, 2009 Posted by chamaramj | විනෝදාත්මක | | 5 Comments

මමත් පොත් ගන්න ගියෙමි.

ඔන්න ඉතිං මමත් පොත් ගොඩක් ගේන්න හිතාගෙන ගියා පොත් ප්‍රදර්ශනය බලන්න. පොත් එකම ලෝකයයි. හැබැයි කියන තරම්ම නම් ලාභ නැ ‍වගේ සමහර පොත්. පරණ පොත් නම්  තිබ්බා නියමෙට. කාන්තාරයේ දරුවෝ පොත හම්බ උනා. තව ආස කරන පොත් ගොඩකුයි ගත්තා කියවන්න.කොහොම හරි මට හම්බ උනා නිය වයලින් සිතාර් එස්රාජ් රෙකෝඩ් වගයක්. මාර ගති. ඕන කෙනෙක් ඉන්නවානම් ඉල්ලන්න හොදේ…..

September 25, 2009 Posted by chamaramj | කාලීන | | 1 Comment

නවරාත්‍රි පුජාව බලන්න ගියෙමි….

හින්දු බැති මතුන්ට මේ දිනවල නව රාත්‍රි පුජාවන් නිසා කාර්ය බහුල වී තිබේ. මමද නව රාත්‍රි පුජාවත් බැලීමට ගියෙමි. ඒ මාගේ හින්දු මිත්‍රයෙක් නිසා වෙනි. නව රාත්‍රි පු‍ජාව දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී යන දෙවි වරුන් වෙනුවෙන් පවත්වනු ලැබේ. මේවා හිනුදු චාරිත්‍රානුකුලව සිදු කරනු ලැබේ. මේ අත් දැකිම මා හට නුහුරු වුවද එයින් බොහෝ සතුටක් ලැබුවෙමි….

September 22, 2009 Posted by chamaramj | Uncategorized | | No Comments Yet

චැනල් 4 ටත් ‍කෙලවෙයි…

2112C4_Prove_G

පසුගිය දින වලදී බ්‍රිතානයයේ චැනල් 4 නාලිකා‍වෙන් විකාශය කරන ලද මෙම වීඩියෝ පටය ව්‍යාජ එකක් බවට ලංකාවේ ‍රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් ඒ සදහා වරද නිවැරදි කිරිමක් එකි නාලිකා වලින් නොකල හොත් නිතිමය පියවර ගැනිමට සිදුවන බව රජය අවධාරණය කරයි. මෙහි සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් මෙමගින් ලංකා රජය හා යුධ හමුදාවට විශාල පහරක් එල්ල වී ඇත. එමගින් ඇති කරවන හානිය සුලු පටු නොවන බව තේරුම් ගත් රජය විසින් දැන් එම වීඩියෝ පටය අසත්‍ය එකක් බවට ඔප්පු කිරිමට හැකි සියලු දේ කිරිමට සිදු කරනු බව පෙනේ. සිදු වන්නේ කුමක්දැයි අප බලා සිටිමු.

September 7, 2009 Posted by chamaramj | කාලීන | | No Comments Yet

ආකාස කුසුම….

ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය ආකාස කුසුම නැරඹීමි. ජිවිතයේ අදුරු මායාවන්ගෙන් වැසී ගත් ජනකාන්ත මිනිසුන්ගේ අදුරු පැතිකඩක් මෙමගින් නිර්මාපකයා මනාව පෙන්වා දී ඇත. මාලනී ‍‍ෆොන්සේකාගේ රංගනයෙන් හැඩ වුන  ආකාස කුසුම සැබැ නර්මාණාත්මත සිනමා නිර්මාණයක් ලෙසට මම දකිමි. මෙමගින් නිර්මාණය වන සමාජීය ගැටලුව ‍අද සැබැ සිදු වීම් තුලින් අප සමාජයේ දක්නට ලැබේ.

මාතෘත්ව‍යේ උත්තරිත්වය පෙන්වීමට ප්‍රසන්න ගන්නා උත්සාහය දරුවකුගේ සිතේ මවක් වෙනුවෙන් ඇතිවන මහත් වු ස්නේහය මනාව පෙන්වීමට මෙම නිර්මාණයේදී යම් කරමක් දුරට හැකි වී ඇත. පැහැදිලි  ලෙස චරිතයන්ට සාදාරණත්වයක් ලබා දිමට ‍නිර්මාණයට දායක වන පිරිසට බොහෝ හැකිවී තිබේ. මෙහිදී මාලනීගේ රංගනයේ විශිෂ්ට බවක් දක්නට ලැබේ.

August 25, 2009 Posted by chamaramj | විනෝදාත්මක | | 2 Comments

පැරකුම්බා රජ ඉපදුන තැන දන්නවාද?

ඔයාලා දන්නවාද පලවෙනි පැරකුම්බා රජ ඉපදුන තැන. ලංකාවම එක්සේසත් කල අහසින් වැටෙන එක වතුර බිංදුවක් වත් මුහුදට ගලා ගෙන යන්න නොදී රැක ගන්න කියපු ඒ මහා වීරයා උපන් තැන දැකලා තියෙනවාද? ඔයාලට අද මම ඒ තැන පෙන්වන්නයි යන්නේ….මෙන්න තැන

මේ තැන පිහිටලා තියෙන්නේ කොළඔ නුවර පාරේ නෙලුන්දෙනියෙන් හැරි එනකොට හම්බෙන දැදිගමයි. මෙතන තමයි මේ පැරකුම්බා රජ ඉපදිලා තියෙන්නේ. ඒක සිහි වෙන්න බාගෙට කරපු චෛත්‍ය තමයි මේක. මේකේ වැඩ ටික ඉවර කරන්න රජ්ජුරුවන්ට බැරි වෙලා තියෙනවා. රජ වෙලා පොලොන්නරුව සංවර්ධනය කලාට ඉපදුන තැන නම් දියුනු කරලා නැ. ඒ කෙහොම උනත් මේකේ තියෙන වටිනාම නිර්මාණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ඇත් පහන. ඒක ගැන වෙනම ලිපියක් ලියන්න ඉන්නේ. මේ ඇත් පහන ලොකෙටම තියෙන්නේ ‍එකයි කියලා තමයි කියන්නේ. මේ චෛත්‍ය ලගම තියෙනවා පැරණි පන්සලක්. ඒකේ සෙල් ලිපියක් තියෙනවා. ඒක හැබැයි පස්සේ කාලේ සපුමල් කුමාරයාගේ කාලේ ලියපු එකක්. ඉතිං ඔයාලත් වෙලාව තිබුනොත් එන්න මේක බලන්න. ඒ ලගම තියෙනවා කෞතුකාගාරය. ඒකෙත් තියෙනවා විශේෂයක් ඒ තමයි සැබැ ධතු ගර්භයක ආකෘතියක් තියෙනවා නැගලාම බලන්න….

August 25, 2009 Posted by chamaramj | ආගමික | | 2 Comments

හෝල් වල බොක්ස් වහන්නේ නැද්ද?

වර්තමානයේ අපේ පොඩි උන් නරක් වනවාට බොහෝ දේවල් කර ඇති බව පෙනෙන්නට ඇත. එනම් පාසල් යන ළමයින්ට ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම, ඇතැම් අධ්‍යාපන ආයතනවල බොහෝ වෙබ් අඩවි තහනමකට ලක් වීම වැනි දේවල් ගත හැකිය. ‍ඒ සියල්ලේන්ම කරන්න හදනවා ඇත්කේ පොඩි උන් ටික බේරා ගැනීම විය හැකිය. දැන් ලංකාවේ වැඩිහිටියන්ට පමනයි වාරනයක් ක්‍රියාත්මක වේ. අන්තර්ජා‍ලයේ අසභ්‍ය වෙබ් අඩවි තහනමකට ලක් කර ඇත. එසේ කරන්නේත් අපේ සමාජයේ යහ පැවැත්ම රැක ගැනිමට යැයි කියනු ලැබේ.

වැඩිහිටියන්ට පමණක් තහනම් කලාට ච්ත්‍රපට ආයතන වල පවතින බොක්ස් පහසුකම් නවත්තන්නැත්තේ ඇයි කියන ගැටලුවක් වෙලා තියෙනවා. මේකත් හරියට පොඩි පහේ රෙස්ටුරන්ට් එකක් වාගේ බලාගෙන යනකොට. සමහර ඒවාගේ ඉස්සරහින් තිරයකුත් දාලා තියෙනවා. ඒ කාට වත් පේන්න හොද නැති ඒවා කරන්න වෙන්න ඇති. පොඩි උන් නරක් වෙනවා‍ කියලා කරන ඒවාට මේවා අයිති නැද්ද? රෙස්ටුරන්ට් එකකට යන්න සල්ලි නැති එක්කෝ වයස නැති අයට ලාබ දායි විදිහට රති සැප විදින්නට ඇති එකම තැන වන්නේ මේ බොක්ස්ය.

අපි හැමදාම කලේ ලොකු වැඩය. රටේ පාරවල් ටිකට තාර ටිකක් දාන්න බැරි උනාට අපි ආකර් සි ක්ලාක් නමින් චන්ද්‍රකාවක් යවන්න හදන්නෙමු. මහා  කාම අපරාධ වලට දොරවල් වහන අත‍රේ මේ වාගේ දේවලුත් අයින් කරා නම් නේද හොද?

චිත්‍රපට නරබනු වෙනුවට වෙන වෙන දේ කිරිමට ඉඩ ලබා දෙන මෙවැනි දේ මගින් ළමා පරපුරට හානියක් නොවන්නේද?

August 25, 2009 Posted by chamaramj | කාලීන | | 2 Comments