සෝමාවතී වෙහෙරේ විශ්මය…
මෙය පසු ගිය ඉරිදා ලංකාදීප පුවත් පතේ පලවු පුවතක් හා බැදේ. මෙයට අනුව සෝමාවතී චෛත්ය රාජයාගේ මෙම විස්මිත විස්තරයේ ඡායාරුපයක්ද පලවී තිබිම ඉතාම උසස් අන්දමින් මෙය විස්තර කරනු ලැබ ඇත. සෝමාවතී වෙහෙර වහන්සේ කලක් සිටම ආශ්චර්යමත් අන්දමේ අත්දැකීම් හෙලිකල අපුරුව මෙය මගින් නැවත වරක් සනාථ කල හැකිය. පසුගිය වරත සෝමාවතී චෛත්ය තුලින් බුදු රැස් විහිදෙන ආකාරය තම කැමරා කාචයේ සටහන් කර ගැනීමට කුරුණැගල දිස්ත්රික් පා්ලිමේන්තු මන්ත්රී ගාමිණී ජය ව්ක්රම පෙරේරා මහතාට හැකි වු අතර මෙවරද එතුමාගේ කැමරා කාචයේ සටහන් වුයේ අපුර්ව අන්දමේ අසිරිමත් දෙයකි.
පසුගිය ජුනි 8 වෙනිදා ජයවික්රම මහතාගේ කැමරා කාචයේ සටහන් වුයේ තම පෙන ගොබය පුප්පා සිටින නාගයකුගේ රැකවරණය ලබමින් අලි ඇතුන් සහිත පෙරහැරකින් සෝමාවතී චෛත්ය ධාතු ගර්භයේ සිට ධාතුන් වහන්සේලා වැඩමවන අපුර්ව දර්ශනයකි.
මෙහි සත්ය අසත්ය කෙසේ වුවද මෙවැනි දර්ශන මින් පෙරද රුවන්මැලි මහා සැයේ පැවති දාස් පෙත් මල් පුජා වලින්ද දැක ගන්නට ලැබුනි. එහෙත් මේවා බොරු යැයි කියා බැහැර කිරිමට හැකි බොහෝ පිරිසක් ඇත. එහෙත් මේවා තුලින් පැහැදවීම නම් ඉතා අද බල්ය. වරක් බුදු හිමියන් දේශනා කලේ ධර්මය දකින්නා තමන් වහන්සේ දකිනා බවය. වරක් ලංකාවේ බුදු පිලිම වලින් බුදු රැස් විහිදුනි. කෙසේ වුවද මෙමගින් හෝ බුද්ධාලම්භන සතුටක් ඇති කර ගැනීම ඉතාම යහපත්ය.
පහත සදහන් අඩවි වලින්ද මෙවැනි දේ දැක ගත හැකිය. එයද බලන්න
2 Comments »
Leave a comment
-
Archives
- November 2009 (2)
- October 2009 (2)
- September 2009 (4)
- August 2009 (8)
- July 2009 (15)
- June 2009 (30)
-
Categories
-
RSS
Entries RSS
Comments RSS
කෝ ඡායාරූප නෑනෙ….
photo dhaanna oyage link ekata yanna ba