Posted by: chamaramj on: November 7, 2009
ශ්‍රී ලංකාවේ දුෂීත ආයතන අතර පොලිස් සේවටද ඉහල තැනක් ලැබී ඇත්තේ පොලිස් සේවයේ පවතින දුර්වලතා වලට වඩා පොලිස් සේවයේ යෙදෙන්නන්ගේ දුර්වලතා නිසාය. දැන් නව පොලිස්පතිවරයෙක් පත්වී ඇත. එතුමා පෙර සිටි පොලිස්පති වරුන්ට වඩා වෙනස් දෙයක් කරන්නට සැරසේ. එනම් මහජනතාවට එතුමා මුණ ගැසි තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබා දීමයි. ඒ සදහා සැම සිකුරාදා දිනයකදීම පෙ.ව. 11.30 සිට 02.30 දක්වා කොළඹ 01 පොලිස් මුල්ස්ථානයේ පැවැත්වේ. ඔබගේ ගැටලුවට දැන් පොලිස්පතිතුමා මගින් විසදුමක් ලබා ගැනිමට හැකි වී ඇත.
මෙම ඉතාම සත් ක්‍රියාවකි. මෙසේ මහජන දිනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාන්ද පැවැත්විය. එහෙත් ඒ කොපමණ කලකටද යන්නත් මතක තබා ගැනිම වටී. පොලිස්පතිතුමාද එසේ විමට ඉඩ ඇති බැවින් වහාම කල ගත යුතු දෙයක් ඇත්නම් එය කර ගැනිම නුවනට හුරුය. නැතිනම් එහිද අවස්ථාව මග හැර ගන්නට සිදුවේ.
ලංකවේ පොලිසියේ මහත්වරුන් අඩුය. ඇත්තේ උසස් අධ්‍යාපන ආයතන වල සිසුන්ට පුද්ගලික ගැටලු වලට පහර දෙන පොලිස් ලොක්කන්නය. අසරණයන්ට මැරෙන තුරු පහර දෙන්නන්ය. පගා මරුවන්ය. දුෂීත පොලිස් සේවයට දැන්වත් යහපතක් වනු ඇතැයි අප විශ්වාස කරමු.
November 9, 2009 at 9:42 am
atta,police nam anthima sauthu wala thiyanna.okkoma muladi oyawaga wada karanawa.thama pattama hambauna vitharana