සිරස සුපර් ස්ටාර් ගැන යමක්…

සිරසින් කලක ඉදන් කරනා රියලිටි ‍ටිවී වැඩ සටහන සුපර් ස්ටාර්ය. මේ වැඩ සටහන මුලින්ම කරන විට අනිත් නාලිකා වලට සුපර් ස්‍ටාර් උන ති‍‍බිබේද නැත. දැන් යන්නේ තුන් වෙනි සිරිස් එකයි. සංගීතය ගැන මෙලෝ දෙයත් දන්නේ නැති අය මෙන්න ඉතා හොදින් සංගීතය දරා ඇතැයි තියා ගන්නා අයද මේ වැඩ සටහනට එකතු වන්නේ සිරස සුපර් ස්ටාර් වීම බලා ගෙනමය. එමෙත් එය ලේසි නැත. කවුරු කොහොම කීවද කාට කොච්චර කෙටි පණිවුඩ යැවුවද සුපර් ස්ටාර් ‍වන්නේ සිරසේ ලොක්කන් කැමති තෙනාය. විනිසුරු මණ්ඩලයේ නිර්නායක ගැන අප තවුරුවත් දන්නේ නැත. ඇතැම් විට විනිසුරු මණ්ඩලය දන්නේත් නැතුව ඇත. කැමති කෙනා තේරීමේ අයිතිය ඔවුන්ට ඇත. තේරුනොත් නම් ජාමේ බේරා ගත හැකිය. නැත්තම් වන්නේ විනිස්චය මණ්ඩලයේ පොර ටෝත් අහගෙන කුදලාගෙන ගෙදර යාමය. යන ගමන් අල්ලන කැමරාවට පොර ටෝක් එකක් දී නටන්න බැරි පොලව ඇදයි කීමෙන්ද යාන්තම් නෝන්ඩියෙන් ගැලවිය හැකි බව බොහෝ දෙනා දන්නා දෙයකි.

කලින් තලට සුපර් ස්ටාර්ස්ලා බිහි‍ වුවද වැඩි කල් පැවැත්මක් නම් නැති බව මගේ අදහසය. අද අජිත් බණ්ඩාර කෙහේදැයි දන්නේ නැත. එහෙත් සුපර් ස්ටාර් නොවුන චාමිත සිරිමාන්න තාමත් ‍යහතින් සංගීත ‍ක්ෂේත්‍රයේ සිටිනු දක්නට ලැබේ. ඒ නිසා සුපර් ස්ටාර්ලා වු පමනින්ම හරි යන්නේ නැති බව මාගේ අදහසයි.

Advertisements