විභාග රහස් විකිණිමට

මා හට අද දිනයේ දි හමු වු අත් පත්‍රිකාවක් නිසා මෙම ‍බ්ලොග් සටහන ලිවීමට සිත් විය. එම අත් පත්‍රිකාවෙන් කියවුයේ විභාග රහස් පිලිබද දේශනයක් පිළිබදවයි. උසස් පෙල විභාගය ඉතාම ආසන්නයට පැමින තිබෙන මෙවන් කාලයකදී මෙම රහස් දේශනයටත් හොද මාර්කට් එකක් ලැබෙනු නියතය. උසස් පෙලට වැඩ කරනවානම් දැන් උනත් කල් ඇතිය. විභාග වලට ‍වැඩ කිරිම පිලිබද විශ්ව විද්‍යාල වල ඉන්නා අපේ උදවිය හොදට දනිති. උසස් ‍පෙලට ඉගෙන ගන්න තියෙනවා වගේ තුන් ගුනයක් විතර දා ගන්නේ ව්භාගෙට මසක් තිබියදීය. එහෙත් ඒවා උසස් පෙල ළමයින් දන්නේ නැතිව ඇත. විභාග සමත් වීමේ පහසු ක්‍රම කෙටි ක්‍රම අප නම් දන්නේ නැත. අප දන්නේ වැඩ කර ප්‍රතිළුල පමණි. එහෙත් මෙකල හොද මාර්කට් ක්‍රමයක් වන්නේ මනෝ විද්‍යාවයි. නැකිනම් ධනාත්මක චින්තනයයි. විභාග රහස්ද ‍එසේමය. රහස් අහගන්න රුපියල් දහසක් පමණ වියදම් කරන්නටද සිදුවේ. එහෙත් බොහෝ සිසුන් මේවාට සහභාගී වන බවක්ද දක්නට ලැබේ. එක් අතකට රහසක් නම් විකිනිය නොහැකිය. එහෙත් මේවා නම් විකුණයි. හොද ලාබයක් තබා විකුණයි. එහෙයින් අවසානයේ කල යුත්තේ රහස් ගැන නොසොයා හොදින් වැඩ කිරීමයි. එවිට රහසක් නැතිවම විභාග ප්‍රතිළුලය කාට වුවත් කියන්න නම් හැකියාවක් ලැබෙනු ඇත.

Advertisements