අපේ ර‍ට හෙට එකම එක සුර පුරයක්…

අපේ ර‍ට හෙට එකම එක සුර පුරයක්, මෙට ස්වාධීන රුපවාහිනී සේවයේ තිස් වෙනි සංවත්සරය උදෙසා ගායනා කරන ලද හා මවුබිම ලංතා සංයුක්ත පට‍යේ අඩංගු දේශාභිමානී ගීතයකි. ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී ගායනා කරන මෙම ගීතය සැබවින්ම සුන්දරය. අරුත් බරය. මිනිසුන්ගේ සිත් තුලට දේෂ මාමකත්වය ලබා දීම සදහා ඉතා ඉහල මට්ටමේ පද රචනාවක් මෙහි ඇතුලත්ය.

අපේ රට අතීතයේ සුර පුර‍යක්ව පැවති බවට ඉතිහාසය කියා පායි. රාජ රාජ මහා මාත්‍යාන්දීන්ගෙන් මේ රට ස්වයංපෝෂිතව පැවති බව අතිතය අපට පසක් කරවයි. යුද්ධය දැන් අවසන් වී ඇත. දැන් ඇත්තේ රට ගොඩ නැගිමේ යුද්ධයයි. ළගදීම සහල් පිට ර‍ට යවන බව කෘෂී කර්ම අමාත්‍ය වරයා පසුගිය දිනෙක පැවසීය. සැබවින්ම එය නම් සතුටට කරුණක්ය. අතිතයේ මහා පැරකුම් රජ දවස සියලු ලක් වැසියන්ට අවශ්‍ය සහල් මෙහිම නිපදවා අප සහල් අපනයනයද කල බව ඉතිහාසයේ සදහන් වේ. එබැව්න් අපේ රට හෙට එකම එක සුර පුරයක් වීම සැබව්න්ම සතුට දනවන කරැනක්ය.

රට සුර පුරයක් කිරීමේ වගකීම ලක් වැසි සියලු දෙනාම සතුව පවතින දෙයකි. රට ගොඩ නැගිමේ සටනට අප සියලු දෙනාම සෙබල සෙබලියන් විය යුතු බව ඇමති අතාවුද සෙනෙවිරත්න මහතා පසු ගිය දිනෙක පැවසීය. නොරොච්චෝලේ දෙවන හා තුන්වන අදියර සදහා ගිවිසුම් අත්සන් කෙරිනි. එයින් විදුලි අවශ්‍යතාවෙන් අඩක් සපුරන බව ද පැවසීය. තවත් විදුලි බලාගාරයක් ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට නියමිත බවද ප්‍රකාශ කෙරිනි. අධී‍ වේගි මාර්ග ද ඉදි වෙමින් පවතී. සියලු අංශවල දියුණු  කිරිම් කරන බව පවසයි. එසේ සිදු වුවහොත් නම් යහපත්ය. එවිට  නම් අපේ රට එකම එක සුර පුරයක් බවට පත්වනු ඇත. නැතිනම් සුර පුරය කෙසේ වෙතත් අසුර පුරයක් නම් වනු නියතය.

රටේ දියුණුව සදහා අප සියලු දෙනාම අවංක සත් භාවයෙන් යුතුව එකා වන්ව නැගි සිටිමු. මේ ර‍ට‍ අපේය. අප සියලු දෙනාගේමය. එබැවින් මෙහි දියුණුව රදා පවතින්නේද අප සියලු දෙනා අතේය. අප සියලු දෙනාම එක් වී අපේ රට හෙට සුර පුරයක් බවට පත් කරමු. සියලු දෙයෙහි දොස් දකින්නන්ට නම් මෙහිද දොසක් පෙනෙනු ඇත. ‍බොහෝ විට පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යා ගත නොහැකිය. එබැවින් සියල්ලේම දොස් දකින අයට මෙහිද දොසක් පෙනීම සාධාරනය. කෙසේ වෙතත් මෙය සිරි ලංකාවය. ලංකාවේ බොහෝ වැඩ කටින්ය. එසේ නැතිව දැන්වත් එක් වී අපේ ර‍ට දියුණු කිරිමේ වගකීම බාර ගනිමු. අපේ රට සුර පුරයක් කරමු.

Advertisements