අල්ලස් ගත් මාධ්‍යවේදීන් කෝ….

පසුගිය දින වල රජ්‍ය මාධ්‍ය වල වැඩි වැඩියෙන් කියවෙන මාතෘකාවක් වූයේ දකුණේ ඇතැම් මාධ්‍ය වේදීන් කොටි සංවිධානයෙන් ලක්ෂ ගනන් වැටුප් ගත් බවය. ඒ සම්බන්ධව ජෝජ් මාස්ටර් විසින් ප්‍රකාශ කර ඇති බවටද  ප්‍රකාශ කෙරිනි. මේ බව ඊයේ රාත්‍රි ස්වාධින රුපවාහිනියෙන් විකාශය වු තුලාව වැඩසටහන මෙහෙය වූ සුදර්මන් රදලියගොඩ විසින් නැවත වරක් ප්‍රකාශ කිරීමට යෙදිනි.

අල්ලස් හෝ කොටින්ගෙන් පඩි ගත් මාධ්‍ය වේදීන් ඉන්නා බව පමණක් කිමෙන් වෙන්නේ රජයේ ඇතැම් මතයන් ‍විවේචනය කරනා මාධ්‍ය වේදින් සියලු දෙනාම‍ කොට්න්ගෙන් මුදල් ලබා ගත් අපරාධකරුවන් වීමය. මේ සදහා  කිසිවෙකුගේ නමක් ගමක් සදහන් කර නොමැත. එහෙත් එහෙම අය ඇතැයි පමණක් පුල පුලා කීම ගැටලුවකි. එහෙම අය ඉන්නවා නම් නිතිමය ක්‍රියා මාර්ග ගත යුතුය.  ඒ සදහා ඔවුන්ගේ නම් ගම් හෙල් කල යුතුය. එහෙත් සුදර්මන් දන්නා අයගේ නම් එලියට එන්නේ කවදාද යන ගැටලුව ඇති වන්නේය.

පසුගිය දිනෙක ලංකාවේ ප්‍රවීන මාධ්‍ය වේදි පෝද්දල ජයන්තගේ රුපයක්  යොදා ගනිමින් මේ ප්‍රකාශය නිතර නිතර ප්‍රකාශයට පත් වීම නිසා බොහෝ දෙනාගේ සිත් තුල පෝද්දල ජයන්තද කොට්න්ගෙන් මුදල් ලබා ගත් අයෙකු බව සටහන් විනි. ඇත්ත නැත්ත කෙසේ වුවද සුදර්මන් දන්නා ඒ රහස එලි කිරිමේ කාලය පැමිණ ඇතැයි සිතේ. නැතිනම් ආණ්ඩුවට කඩේ නොයන සියලු මාධ්‍ය වේදීන් කොටින්ගෙන් පඩි ලබා ගන්නා අය ලෙස හංවඩු ගසනනා නියතය.

Advertisements