රණවිරුවා යන්න ගියා..

ඊයේ රැ එලි වෙනකම්  කරන්න වැඩක් තිබ්බා. අපිත් එක්ක ඉදලා හමුදාවට ගි‍ය අපේ කොල්ලෙක්ගේ ගෙදරක පොඩි වැඩක්. අ‍පේ කොල්ලගේ අම්මා මැරුනා මීට මාස තුනකට විතර කලින්. ඒකේ පිංකම ඊලග සෙනසුරාදා. මු 58 සේනාංකේ හිටපු සිරාම සිරා පොරක්. අනේ අපේ එකාට අම්මගේ පිංකමට කලින් තමයි නිවාඩු හම්බ උනේ. ඒත් ඉතිං මු දුක් උනේ නෑ. ආමි එකේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගෙන හිටියා. මුට කියලා මහ ලොකු ගෙයක් තිබ්බේ නෑ. පොඩි ගේ කෑල්ලත් තමයි තිබ්බේ. කොහොම හරි මු ඒකේ තින්ත ගාලා පොලිස් පාරක් එහෙම දීලා පිලිවෙලක් කරලා තිබ්බා. ඊයේ සිවිලිමක් ගහන්න අපේ කොල්ලෝ සෙට් එකට කියලා තිබුනා. සිවිලිමක් කීවට මේ ඉටි කොල වලින් තමයි. කොහොම හරි ඉතින් වැ‍ඩේට සෙට් වෙලා ‍අපි සෙට් එකම රැ එළි වෙනකම් ගැහැවා. ඒ අතර ඉතින් තව තව දේවලුත් මු ලැස්ති කරලා තිබුණා. හොදට පදම් වෙලා වැඩේ පාන්දර 4 වෙනකොට ඉවර කලා. ඒත් මෙන්න මු හතර වෙනකොට හොදට ඇද පැලද ගෙන තඩි බැග් එකක් එල්ල ගෙන යන්න ලැස්ති වෙලා අපිට කියනවා මට‍ අද 8 ‍වෙන කොට ඉන්න ඕනේ. එහෙනම් මම යනවා කියලා. මොකක් කරන්නද ඉතිං ගිහින් දාලා අනුරාධපුර බස් එකකට නැග්ගුවා. රණවිරුවා යන්න ගියා. තමන්ගේ අම්මාගේ පිංකමට වඩා කරන සේවයට කැපවෙන මේ වාගේ අය රටට සම්පතක් කියලා දැනුනා…..බොරුවට ලෙඩ නිවාඩු දාල තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දගලන අයට‍ මේවා හොද උදාහරන….

Advertisements