නිදහස් අධ්‍යාපනය තාම තිබේද?

කන්නන්ගර මැති තුමාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනය කියන
එක නම් අපිට හම්බ උනා. එදා අතිතයේ දවස් වල නම් නිදහස් අධ්‍යාපනය නිදහසේම කරන්න තිබුනා. ඒත් දැන් නම් නිදහස් අධ්‍යාපනයක් තියෙනවද කියලා හොයලා බලන්න වටිනවා. දැන් රජයේ පාසල් කියලා වෙනසක් නම්‍ හොයන්න වෙන්නේ නෑ. ඉගැන්වීම කෙසේ වෙතත් සල්ලි නම් හැමදාම එකතු කරන තත්වයට පත්වෙලා. ළමයා ඉස්කෝලෙට දා ගන්නත් දැන් සැහෙන වැඩ ගොඩක් කරන්න වෙලා තියෙනවා. ප්‍රථමික පාසල් වල විශේෂයෙන්ම ‍සල්ලි එකතු කිරිම සිදු වෙනවා. දැන් බැලුවාම ජාත්‍යන්තර පාසල් වලයි රජයේ පාසල් වලයි වැඩි වෙනසක් නැ. දැන් පාසල් වල අධ්‍යාපනවට වඩා බාහිර දේවලට‍‍ තමයි වැඩි තැනක් තියෙන්නේ. දැන් විදුහල්පතිවරු වෙහෙස මහන්සි වෙන්නේ ‍බස් එකක් පාසලට ගන්න එකට නැත්තම් පිහිනුම් තටාකයක් ඇති කිරිම වැනි එකකට. ඒවා කරන එක ඇත්තටම හොදයි. පාසල් දියුනු වෙන්න ඕන. ඒත් ඒවා දියුනු කරන්න සල්ලි එකතු කරන කොට පුලුවන් කෙනායි බැරි කෙනායි දෙන්නටම එක වාගේ ගානක් ගෙවන්න වෙන එක තමයි වැරදි වැඩේ. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ජනප්‍රිය පාසල් ‍වලට ඇතුලත් කරන්නත් දැන් දැන් විශාල මුදල් ප්‍රමාණයන් ගෙවන්න වෙනවා විදුහල්වලට. කියන්නේ නම් පහසුකම් හා සේවා ගාස්තු කියලා. ඒත් කියන තරම් පහසුකම් නම් දකින්න නැ. උසස් පෙලට යන කොට එක එක විශය දාරාවන්ට එක එක මුදල් ප්‍රමාණ ගෙවන්න වෙනවා.

දැන් බොහෝ ගුරුවරු ටියුෂන් දෙන්න පටන් අරන්. ඇතැම් පාසල් වල ‍ඒ ගුරුවරුන්‍ගේ පංති වලට යාම අනිවාර්ය‍ දෙයක් වෙලයි තියෙන්නේ. නැත්තම් ඉතින් විෂය බාහිර දේවලට පංති නොයන ළමයා සහභාගි කරවන්නේ නැ. මේක හුගක් වෙලාවට කරන්නනේ ප්‍රාථමික පංති වල. ශිෂ්‍යත්ව පංති ගියේ නැත්තම් ළමයා පංතියේත් ඉදලා ඉවරයි. පංතිය ඇතුලේ ළමයා කොන්කරනවා. අනික උසස් පෙල සාමාන්‍ය පෙල වගේ පංති වලදී නම් බාහිර පංති යන්නම වෙනවා. බොහෝ විට උසස් පෙල පංති වලදී නම් උගන්වන එකට වඩා ටියුෂන් එකට තමයි බලාපොරොත්තු වන්නේ.

දැන් නම් පාසල් වල සල්ලි එකතු කිරිම් ගැන පාර්ලිමේන්තුවේත් කතා වෙනවා. ඕවත් කතා වලට විතරක් සීමා නොවී ක්‍රියාවටත් නැගෙනවානම් කන්නන්ගර මහත්තයා දුන්න නිදහස් අධ්‍යාපනය නිදහසේම කරගන්න තිබුනා.

Advertisements