පොඩි උන් දැන් ලොකු වෙලාය…

මේ සටහන ලියන්න සිත් වුනේ ගෝ සගරාව බැලු පසුය. ගෝ සගරාවේ කවරය සරසන්නේ පොඩි කෙල්ලකි. ඇය නමින් ප්‍රමුදිය. ඇය ළමා නිලියක් ලෙසට කරලියට ආවේ සරො‍්ජා හරහාය. සරෝජාට හොද ප්‍රතිචාර තිබුණි. ඒ නිසා‍ම ප්‍රමුදි වද ජනප්‍රය විමට පටන් ගත් අතර ඇයව සම්බන්ධ කරමින් සිරස ආයතනය එකල පුංච් පැංච් ලෙසටද වැඩ සටහනක් ද නිර්මානය කලේය. පුංච් කෙල්ල කට කාරය. සුන්දරය. කා‍ගේත් ආදරයට හා පැසසුමට ලක් වුවාය.

ඇය දැන් 18 වියේ නව යොවුන් තරුණියකි. දැන් පිරිපුන් දේහයකින් යුක්ත ඇය ළමා චරිත වලින් ඉවත් වී පෙම්වතියන්ගේ චරිතයට පණ නගන්නට සුදානම් වන්නේය. එහෙත් ඇයත් අනර්කලී වාගේ  බාගෙට හෙලුවෙන් නැටුවොත් සේරම ඉවර වන්නේය. යුවතියක් හැඩ වැඩ වීමේ වරදක් නැත. ලස්සන ඇදුම් ඇන්දාට වරදක් නැත. එහෙත් සංකර අපිට‍ නොගැලපෙන ඇදුම් ඇදීම සුදුසු නොවන්නේය. පොඩි කෙල්ලන්ටද එසේමය. උන‍්ගේ ඇගේ සියුම් කෝමල ‍‍රේඛා පේන්නත් කලින් ඒවා මතු කරන්නේ කැමරා කරුවන්ය. ඉන් පසු ක්‍රමයෙන් මොඩි වන ඇය අන්තිමට කා‍ගේත් සුන්දරියක් වන්නේය.  මෙවැනි කතා බොහොමයක් අප අසා දැක ඇත්තෙමු. එහෙයින් ප්‍රමුදි පරිස්සමින් වැඩ කටයුතු කරන්නේ නමි හොදය. ඔබගේ කලා ජීවිතයට සුබ පැතුම්!

Advertisements