කාලෙකට පස්සේ….ඉතිං කෙහොමද?

කාලෙකින් ‍බ්ලොග් සටහනක් ලියන්න බැරි උනානේ… මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ට්‍රිප් එකක් යන්න සෙට් උනා. ඒත් යන්න බැරි උනා. මේ දවස් වල තියෙන වැඩ අස්සේ බ්ලොග් එකක් ලියන්න බැරි උනාට කට්ටියම සමා වෙන්න ඕන. අලුත් ජාති ගොඩක් වෙලා නේද පහුගිය දවස් ටිකේම? පිස්සා නාගයෙක් අරගෙන , සිංහලෙන් විස්ටා, බිල් ගේට්ස්, වගේ එක එක ඒවා. ඒ අස්සේ  මහින්ද මහත්තයා ආරක්ෂාව ගැන සලකලා වෙනස් කම් කරලා.මේ ඉරිදා දිවයිනේ මර්වින් සිල්වා ආචාර්ය තුමාගේ කතාව කියෙව්වාද?

මර්වින් මහත්තයා නියම වැඩක් කරලා තියෙනවානේ අපි දන්නනේ නැති උනාට. කොහෙද ‍අපේ අය ඇමති තුමාට බාල්දිමනේ දාන්නේ.  හරිනම් මේ යුද්දේ දිනපු එකේ අයිතියක් තියෙනවා මර්වින් ඇමති තුමාට. හරිනම් උප හාරයක් දෙන්න ඕනේ. වැඩි විස්තර ඕනේ නම් දිවයින කියවන්න වෙනවා.

කමක් නැ මමම කතාව කියන්නම්කෝ…. මේක කියන්නේ මර්වින් ඇමති තුමා හරිනේ. මර්වින් ඇමති තුමා කියන විදිහට කතාව මෙහෙමයි..

දන්නවනේ සිතා ගෙයි රාම ගෙයි ආදර සිද්දිය. ඕකට නේ අර ගහ මරා ගත්තේ. මතකයිනේ නේ?? කොහෙමෙ හරි රාම කුමාරයා දිනලා ආපහු ඉන්දියාවට ගිහිල්ලා රජ වෙන දවසේ රාජාභිෂේකයට ලංකාවෙන් ආරාධනා කලේ විභීෂණ ට. දන්නවානේ විභීෂන කියන්නේ රාවනා ව පරද්දන්න සහයෝගය දුන්න කෙනා ලංකාවේ. කොහොම හරි රාම විභීෂනට දුන්නලු විෂ්ණු දෙවියන්ගේ පිලිමයක්. මේකත් අරගෙන විභීෂණ ‍එන කොට කාවේරී ගග ලගදි පොඩ්ඩකට තිබ්බාම ඒක ආයේ හොලවන්න වත් බැරි උනාලු. ඊට පස්සේ ඒක දාල ආවලු ලංකාවට. අවුරුදු දහස් ගානක් ඕක තිබිලා තියෙන්නේ අව්වට වැස්සට අහු වෙවි ලු. ඉංදියාවේ නැකැත් කාරයෝ කීවාලු මේකට ගෙඩි ගෙයක් හැදුවොත් ලංකාවට අපලයක් වෙනා කීවාට පස්සේ ඇම් ජී ආර් ‍එහෙම කලාලු දැනට අවුරුදු තිස් ගානකට ඉස්සර. ඒක නිසාලු ඕන් ලංකාවේ යුද්දේ පටන් ගත්තේ. මේක නැති කරන්න නම් ලංකාවේ විෂ්ණු දෙවියන්ගේ පිලිමයක් ඉංදියාවේ ඉදන් ගේන්න ඕනේලු. ඔය වැඩේ සිරිමාවෝ මැඩම් කරන්න හැදුවාලු චන්ද්‍රිකා කරන්න හදලා බැරි උනාලු. ඉතිං කොහොම හරි මර්වින් සිල්වා මහත්තයා පිලිමයක් හදලා ගෙනල්ලා පුද පුජා තියලා යාන්තං යුද්දේ නතර කලාලු. ඔන්න විස්තරේ. පිලිගන්න නොපිලිගන්න එක ඔයාලට බාරයි. හැබැයි ආචාර්ය තුමා කියපු නිසා එක පාරටම අතාරින්න එපා ‍අනේ….

ඔන්න විස්තරේ කීවා. … අලුත් විස්තරත් අරගෙන එන්නම්කෝ ලගදීම…..

Advertisements