මෙහෙමත් බර්ත් ඩේ පාටි….

මේ කියන්න යන්නේ එසේ මෙසේ පාටියක් ගැන නෙමෙයි. මේක ඇමරිකානු ඩොලර් 44000 කට වැඩියෙන් වියදම් කරලා පයත්වපු එකක්. ආණ්ඩුවේ ඉහල ඇමති කෙනෙකුගේ දුවෙක්ගේ උපන් දින සාදයක් සදහා මෙසේ රුපියල් ලක්ෂ 45 කට අදික මුදලක් වියදම් කර ඇති අතර එය ගෙවීමට මේ වන විට තානාපති කාර්යාලය හා එතුමාගේ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වුවද එතුමා මීට පෙරද මෙවැනි ක්‍රියා කාරකම් සිදුකර ඇති  බව ආරංච් වී ඇති බව ලංකා නිව්ස් වෙබ්ස් අඩවිය පවසයි.

බදු ගෙවන්නේ අපිය. සැප විදින්නේ ඇමතිලාය. වරද කා අතේද? වරදද අපේ ‍අතේය. හේතුව වන්නේ අපේ ලැජ්ජා නැති කම නිසාය. ආයෙත් ඡන්දයට අපිම මනාප ලබා දී පාර්ලිමේන්තුවට යවන්නෙමු. ලක්ෂ 45 කට දුවගේ උපන් දින සාදය ගන්නට හැකියාව ලැබෙන්නේ ඒ නිසාය. රජයේ ‍රෝහල් වල ලෙඩ්ඩු දහස් ගනනේ දුක් විදින්නේ ඇතැම් වෙලාවට රුපියල් දහසක් නැති කම නිසාය. ඒහෙත් අපි ගෙවන බදු මුදලින් ම මෙසේ හැසි‍රෙන්නේ ඇයි දැයි අසන්නේ කා ගෙන්ද යන්න පිලිබද ගැටලුවක් මතු වී ඇත. නඩුත් හාමුදුරුවන‍්ගේය බඩුත් හාමුදුරුවන්ගේය. ‍ වැටත් නියරත් දෙකම කෑ පසුව කාට කියන්නද මේ දුක වගේ මේවා ගැනත් කාට කියන්නද ?

මහින්ද ජනාධිපතිතුමනි, ඔබ තුමා යුද්ධය නම් නැවැත්තුවා ඇත්තය. බොහෝ ලාංකිකයන්ට ඔබ තුමා රජ කෙනෙකි. එහෙත් ඔබ තුමාගේ ඇමති යන් විනාශ කරන්නේ ඔබ තුමා ගොඩනගමු යැයි කෑ ගසා කියනා මේ මව් බිමය.  මුන් නැති කරන්නේ අපේ අහිංසක මිනිසුන් විසින් ගෙවන බදු මුදල්ය. එම නිසා ඔබ තුමාගේ අවධානය යොමු වේවා!

Advertisements