නුවර‍ට ගිය ගමන…

හදිස්සියෙන් වාගේ අද උදේ පාන්දරම නුවර යන්න වුණා. යන්න කෙනෙක් නැති නිසා තමයි මට යන්න උනේ කට්ටිය එක්ක. උදේ පාන්දර යන කොට පුදුම හිතට සහනයක් තමයි තියෙන්නේ. අපේ ගෙවල් වල ඉදලා පැයක් විතර යන කොට නුවරට යන්න පුලුවන්. මාවනැල්ල පහු කරලා යන කොට මාර සනීපයක් උදේට තියෙන්නේ. කදුර‍ට අසිරිය කොච්චර ද කියලා හිතෙන්නේ කඩුගන්නාව කන්ද මීදුම් මැදින් යන කොට තමයි. ඇතින් පේන බතලේගල කන්ද මීදුමෙන් වැහිලා ගිහින් තියෙනවා බලන්නත් ලස්සනයි. පුදුම හිතේ සතුටක් තමයි ඇති වෙන්නේ මේවා දකින කොට. කොහොම හරි නුවරට ලගා වුනා යාන්තම් හත විතර වෙනකොට. මාලිගාවේ තේවාව ඇහෙනකොටත් හිත සැනසෙනවා වගේ දැනෙනවා. මාලිගාව කියන්නේ අපේම උරුමය. ලගදීම පෙරහැර පවත්වන්න ලක ලෑස්ති වෙනවා පේන්න තිබුනා.

ඉස්සර පන්ති යන කාලේ මතක් උනා වැව රවුමේ යන කොට. හදිස්සියෙන් පොත් ටික අතට අරගෙන දුවන නංගිලා මල්ලිලා දකින කොට මගෙත් අතිතය මතක් උනා.  ඔයාලත් ආයේ දළදා වදින්න යන කොට පාන්දර යන්න බලන්න.

DSC00354

Advertisements