ආන්ඩුවේ ලයි‍සන් චන්ඩි….

ආණ්ඩුව දැන් යුද්ධය නිමා කර ඇත. ඒ අතර පාලනය කර ගත නොහැකි අන්දමින් වර්ධනය වූ පාතාලය මර්ධනය කිරිමේ මහා මෙහෙයුමක් දැන් දියත් කර ඇත. ඒ අනුව පාතාලය මර්ධනය කිරිමට සැරසෙයි. පාතාලය කරවන පාතාලයේ පාලකයන් බොහෝ දෙනෙක් දැන් රට හැර ගොස් ඇත. මෙහේ හිටියොත් පොලවේ වැලලෙන්නට වන බව දන්නා නිසා ඔවුන් සියලු දෙනා යාබද රටවල් වලට පැන ගොස් ඇත. ඇතමෙක් ආණ්ඩුවේ ඉහල පෙලේ ඇමති වරුන්ගේ පිහිටෙන් රටෙන් පැන ඇත.

දැන් පාතාලය මර්ධනය කරන පිලිවෙලට අනුව බාර‍ වෙන බොහෝ දෙනා සගවා ඇති ආයුධ පෙන්වීමට ගොස් ඒවායින් පොලීසියට පහර දෙන්න ගොස් පොලිස් වෙඩි පහරින් මිය යනු ඇත. නැතහොත් සිදු වන්නේ උසාවි සංකිර්ණයේදී වෙඩි කැමටය. ඒ නිසා බොහෝ පාතාල නායකයන් දැන් රටින් පැන ගොස් ඇත.

පොලීසිය දැන් මර්ධනය කරන්නේ අධ්‍යාපන ආයතනයන්ය. විශ්ව විද්‍යාල උසස් තාක්ෂණ ආයතන ආදියේ විනය පරික්ෂණයන්ද පෞද්ගලික මට්ටමෙන් දායක වේ. පසුගිය දිනෙක මාලබේ තොරතුරු හා තාක්ෂන ආයතනයේ සිසුවෙක්ට අමානුෂික අන්දමේ පහර දීමේ සිදු වීමක් අසන්නට හා දකින්නට ලැබුණි. පුද්ගලික කෝන්තරයක් මත සිදු කරන ලැබ තිබු මෙම පහරදීම ආණ්ඩුවේ ලයිසන් චන්ඩි විසින් සිදු කර ඇත. පොලිසිය ඇත්තේ අහවල් මගුලක් කරන්නදැයි දන්නේ පොලීසියේ ඉන්නා උන් පමණ්ය. මහජන මුදල් මගින් යැපෙන පොලීසිය පහර දෙන්නේත් මහජනයාටමය. ආණ්ඩු‍ව මේවාට පොට්ටය. ඒසේ වන්නේ ඇයිදැයි දන්නේ නැත. පොලිසියට දැන් කැමති දෙයක් කිරිමට හැකියාව ඇත. එසේ වන්නේ ආණ්ඩුව දුන්න ලයිසන් නිසාය. හමුදාව කොටියා පාලනය කල අතර පාතාලය පොලීසිය පාලනය කලද දැන් පොලීසිය පාලනය කරන්නේ කවුද?

Advertisements