උසස් පෙලින් පසු

මේ දවස් වල උසස් පෙල විභාගය පවත්වන නිසා මේක ලියන්න හිතුනා. අපේ ‍බ්ලොග් සංගමයේ උසස් පෙල කරන මල්ලිලා නංගිලා ඉන්න නිසා ඒ අයට මේක වැදගත් වෙයි කියලා හිත‍නවා.. උසස් පෙලින් පස්සේ ඉතිං ආයේ ඉස්කො‍්ලේ යන්න නම් වෙන්නේ නැ. ඒ සුදු ඇදුම් වලට සමු දෙන්න වෙනවා. ඒක ඉතිං ටිකක් දුකක් තමයි. ඒත් ඔය ගොල්ලන්ට මේ සමාජයෙන් අනාගතයෙන් වෙන දුක් දැනෙන කොට ඕක දුකක්ද කියලා හිතෙයි.

උසස් පෙල හොදට කලාද? සමහරු  නම් හොදට කරන්න ඇති. තවත් අයට නම් මේක ‍එපා වෙන්නම ඇති. තවත් සමහරු එස් තුනක් වත් දා ගන්න ඕ‍නේනේ කියලා ආයෙත් කරනවා කියලා හිතනවා ඇති. කෙහොම උනත් දැන් ඉතිං විභාගය ඉවර වෙලා නේ….දැන් තමයි ඔයාලා හොදට හිතලා වැඩ කරන්න ඕනේ…

ආයේ විභා‍ගේ කරනවානම් ආයේ කල් ගන්න එපා. ඉවර උන දවස් වලින්ම පටන් ගන්න. පුනරික්ෂණ පංති පටන් ගන්න කම් කිය කිය කල් දාන්න එපා. එතකොට ආයෙත් හිටපු තැනම තමයි. ඔයාලා ආයේ විභාගේ ලියන්නේ විශ්ව විද්‍යාලයේ යන්න නම් එක හිතින් ඒ කරන දෙය කරන්න.අපේ අය තමන්ගේ දේවල් වෙනුවෙන් කැප වෙන්න කැමති නැ ‍නේ. ඒත් විභාගේට නම් එහෙම බැ. හොදට පාඩම් කරන්න සියලුම දේවල් වලින් පලවෙනි තැන දෙන්න විභාගයට.

ඔයාලා ආයේ කරන්නේ නැත්තම් ඔයාට විශ්ව විද්‍යාල යන්න පුලුවන් කියලා හිතෙනවා‍නම් දැන් නිකං ඉන්න එපා. තමන් අයිති ක්ෂේත්‍රයට අදාලව යමක් ඉගෙන ගන්න. නැත්තම් පොත් පත් කියවන්න. කවුරුත් කරනවා වාගේ ඉංග්‍රිසි පංති වලට විතරක් යන්න හදන්න එපා..

නැත්තම් හොද පාඨමාලාවක් හදාරන්න පටන් ගන්න.තමන්ගේ කැමැත්ත අනුව තෝරාගන්න. ඒකත් උසස් පෙල විෂයන් තෝරා ගත්තා වාගේ කරන්න එපා.

තමන්ට කැමති පැත්තේන් ඉහලටම යන්න. ජීවිතේ දිනන්න උසස් පෙල අත්‍යාවශ්‍යයි කියලා එකක් නැ. විශ්ව විද්‍යාලයේ යන්නම ඕනේ නැ.  තමන්ගේ ජීවිතේ රිද්මය හදුනා ගන්න. ඒක තමයි වැදගත්ම දෙය. තමන්ගේ කැමැති පැත්තෙන් ඉදිරියටම යන්න. සමාජයේ වැදගත් පුරවැසියෙක් වෙන්න උත්සාහ දරන්න.. නිතං කාලය ගත කරන කාලකන්නියෙක් වෙන්න එපා….

Advertisements