මහින්ද රත්නතිලක නැතිනම් නිපුනටත් සොරිම තමයි….

නිපුනට පහර දීම මේ වන විට ලංකා‍වේ කවුරුත් දන්න කියන දෙයක් වෙලානේ.  ඒකේන් අපිට හෙලි දරවු වන දේවල් කීපයක් තියෙනවා. නිපුනට පහර දීලා ඔන්න අද තමයි වාස් ගුනවර්ධ මහතාගේ බිරිද පොලිසියට‍ බාර වෙලා තියෙන්නේ.  පොලිස් ලොක්කට තිබුන පවර් නිසාම මේ නඩුව යට යන්නට ගියේය. එයට විරුද්ධව සිදු කල එකම දෙය වන්නේ වාස් ගුනවර්ධන පොලිස්  මුලස්තානයට මාරු කර යැවිම පමනි. පසුගිය දිනෙක අගුලාන තරුනයන්ට සිදු වු දෙය නිපුනට සිදු නොවුයේ නිපුන මහින්ද රත්නතිලක ඇමති වරයාගේ ‍සහෝදරියගේ පුතා  වීම නිසාය. වාස් ගුනවර්ධනට මෙතරම් හෝ කරදර විදිමට සිදුව ඇත්තේ එබැවිනි. වෙලාවට නිපුන ඇමතිගේ නැ‍දැයෙක් වුනේය. නැත්තම් නිපුනද අගුලානේ තරුනයන් මෙන් ඉතා අවාසන්වන්ත ලෙස මිය යන්නට සිදු වනු නියතය.

ලංකාවේ සියලු දෙනාටම ඇමති නැදැයන් නැත. ඒනිසා ‍‍පොලිස් පහරදීම් වලට කතා කර බේරගන්නට ‍බොහෝ දෙනෙකුට හැකියාවක් නැතිය. නිපුනට තිබු වාසනාව අනිත් අයට නැත. එබැවින් මෙවැනි පොලිස් ලොක්කන් ඇතුලු සියලු දෙනාටම නිසි දඩුවම් ලබා දිය යුතුය. නැතිනම් ලගදීම සිවිල් සමාජය විසින් නිතිය අතට ගනු ලබනු ඇත. එදාට වන්නේ අශ්වයා ගියාට පසු ඉස්තාල වහන්න සිදු වීමයි. ලංකාවේ සියලු දෙනාටම ඇමති නැයන් ලැබිය යුතුමය. නැතිනම් වන්නේ පොලිස් පහරින් මිය යාමය.

Advertisements