සිත නිවී සැනසුන මොහොතක්….

සිත බොහෝ විට කැලබිමට පත් වෙලා තිබුනා. එහා මෙහා ඉවරයක් නැතිව යනවා. සන්සුන් කර ගන්න කොච්චර උත්සාහ කලත් කරගන්න බැරි උනා. ඒත් ඊයේ සවස හිත මොහොතකට සන්සුන් කර ගන්න පුලුවන් උනා. ඒ කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන් විසින් දේශනා කරන ලද ථේර ගාථා  අසන්නට ලැබුනා. සියුම් නාද රටා අතරින් ඇසෙන ඒ රහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කල දේශනා කොටස් ඇසෙන විට සිත ඉක්මනටම සමනය වන්න පටන් ගත්තා. සතියක් තුල ගෙවු කර්කශ ජිවිතයේ වින්ද පිඩාවන් මොහොතකට නැති කර ගැනිමට හැකි වුනා. සතියේම විඩාව නැති උනා. සිත අමුතුම හැගිමකින් පිරි ගියා. සතියක විඩාව නැතිව හොදට නින්ද ගියා.

රහතන් වහන්සේලා ගැන කියන්න තරම් මම දන්නේ නැ. ඒත් උන්වහන්සේලාගේ ප්‍රකාශ වලින් උන්  වහන්සේලා කොච්චර නිරහංකාර ජීවිතයක් ගෙවලා තියෙනවාද කියලා හිතන කොට පුදුමත් හිතෙනවා. දමනය කරපු ඉදුරන් වලින් යුතුව ජිවිත ගෙවපු ජිවිත වලින් කාටවත් කරදරයක් නැ. පුදුම නිවුන ජිවිතයක් උන් වහන්සේලා තුලින් පෙන්වලා තියෙනවා.

අරමුනක් වෙනුවෙන් කොයි තරම් කැප වෙලාද කියලා උන් වහන්සේලාගේ කතා වලින් පේනවා. දහමට ඇලි කෙලෙස් තවන විර්යෙන් යුක්තව ගෙවු ජිවිතය කොයි තරම් නම් අපුරුද?  උන් වහන්සේලා ඇසුරු කරන්න ආයෙත් අවස්ථාවක් ලැබෙනවානම් කියලා හිතුනා…

ඔයාලත් කැමති නම් බා ගන්න. මෙතනින් ගන්න

 

මුනිවරු දෙසන ලද – ඒ උතුම් සදහම් ගැන

යම් කෙනෙක් ඇල්මෙන් වසත් නම්

සිත කය වචනයෙන් – ඔවුන් උත්තම බවට පත්වෙති

නිවන් මග හික්මෙන – සමාධිය තුල පිහිටෙන

දහම් දැනුමින් හා වටහා ගන්නා නුවනින් ද යුතු

ඒ සියලු දෙන ලැබ ගන්ත්මය අම නිවන් සාරය……..

(උපුටා ගැනිම – අපේ බුදු සමිදු තවම වැඩ වෙසෙති – කිරිබත්ගොඩ ඥනානන්ද හිමි)

 

Advertisements