මෙවන් පියවරු වාසනාවන්…

ගොඩක් කා‍ලෙකින් දෙයක් ලියන්න තිබ්බේ නැති නිසා ලියන්න දෙයක් හොය හොය ඉන්න වෙලාවේ තමයි මේ සිද්ධිය උනේ. මේක මාව ගොඩක් සසල කල සිදුවීමක් උණා. ‍අපේ ආයතනයේ ජේෂ්ඨ සේවක මහත්‍මයෙක්ට තමයි මේක උනේ. එතුමා අපේ ආයතනයේ ගොඩක් පරණ සේවකයෙක්. රජකාරි මට්ටමින් කිසිම පැමිණිල්ලක් ලැබිලා නැ. ඒත් හදිස්සියේ වාගේ එතුමා ණය මුදලක් ඉල්ලලා තිබුනා. කලින් ගත්ත ණයත් ගෙවන්න තියෙන නිසා මෙතුමාට මෙම ණය දිමනාව නොදිමට තමයි ආයතනය තිරණය කලේ. ඒත් කාරණය ඇහුවාම කවුරුත් පාහේ එයාට උදවු කරන්න සුදානම් උනා. කතාව මෙහෙමයි.

අපේ මේ මහත්තයාගේ බාලම දුව උසස් පෙළ විභාගය කරලා තියෙන්නේ මේ වසරේ. ජිව විද්‍යාව අංශයෙන් තමයි විභාගයට මුණ දිලා තියෙන්නේ. කොහොම හරි මේ දුවත් හොදටම විභාගය සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් ලබලා. මේ දවස්වල පරිගණක පාඨමාලාවක් හදාරන්න තමයි මේ සල්ලි ඉල්ලලා තියෙන්නේ. පරිගණකයක් අරන්‍ දෙන්න විදිහක් මෙයා‍ට නැති උනාට දරුවට හොද පරිගනක අධ්‍යාපනයක් ලබා දෙන්න මේ තාත්තා කල්පනා කරලා තමයි මේ ණය ඉල්ලලා තියෙන්නේ.

මෙයා කියන විදිහට මෙයාගේ අනිත් දරුවන්ට කරපු දේවල් මේ දුවට කලේ නැතිලු. ඒත් මේ බාල දුව තාතත්ට ගොඩක් ආදරේ නිසා විභාගය සමත් උනත් මොකවත් ඉල්ලලා නැ. ඒත් අනිත් ළමයින් පරිගනක අංශයෙන් ඉගෙන ගන්න නිසා මෙයාටත් කැමත්තක් ඇති වෙලා දරුවට උගන්වන්න. ඒත් ණය මුදල අනුමත උ‍නේ නැ. අපේ කාර්යාලයේ ඉන්න අය එකතු වෙලා මෙයාගේ දුවට ඒ පරිගනක පාඨමාලාවට අවශ්‍ය කරන මුදල් හොයලා දුන්නා.

දෙමව්පියන් දරුවන්ට දෙන්න පුලුවන් ඉහලම සුදුසුකම තමයි‍ හොද අධ්‍යාපනයක් ලබා දෙන එක. අද මේ තාත්තා කොච්චර සතුටු වෙනවා ඇත්ද මේ දුව ගැන. අනාගතයේ වෛද්‍ය වරියක් වෙනවා. දෙමව්පියන් කොච්චර දුක් වින්දත් දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන කොට ඒ විඩාව ඉබේම නැතිවෙලා යනවා…..

Advertisements