හිගන්නියට‍ තිහක් දී කෙලවා ගතිමි…

අද උදේ තමයි මේක උනේ. මම ටවුන් එකේ ඇවිදගෙන යන කොට හිගන්නියක් වාගේ කෙනෙක් හම්බ උනා. හැබැයි ටිකක් හොදට ඇදලා තමයි හිටියේ. එයාට ඉස්පිරිතාලේ ඉදලා යන්න සල්ලි නැ කියලා තියෙනවානම් එයාට පනහක් දෙන්න කීවා. මමක් පර්ස් එක ඇදලා දෙන්න යන කොටම එතනින් ගියපු වෙන කෙනෙක් කිවා ඕක‍ බොරුවක් අහුවෙන්න නම් එපා කියලා. මත් කරන්නද දැන්. අර ගැනිත් බලාගෙන ඉන්නවා. එතකොටම එහා ‍පැත්තේ කඩේ වැඩ කරන කෙනෙක් කියනවා දෙන්න එපා කියලා.

මම ඇහුවා කෝ දැන් ඔයාගේ බේත් ටිකට් එක එහෙම කියලා. ඒවා නැ කිවා. මටත් තේරුනා මේක අමුම අමු බොරුවක් කියලා. මම කිවා නැති කම කියන්න ඒත් බොරු කියන්න එපා කියලා. කමක් නැ කියලා මම තිහක් දුන්නා. මෙන්න මේ ගැනි තිහ මට දිලා යන්න ගියා ඕකත් තියා ගන්න තියලා. මක් කරන්නද මට දැන් නෝන්ඩිත් වාගේ. කමක් නැ කියලා මටත් මල පැනලා ආපහු තිහ අරගෙන දා ගත්තා.

බලන කොට මේ ගැනි තනිකරම කරන්නේ බොරුව. මෙහෙමත් හිගන්නෝ. මුන් ගිය ආත්මේ කරපුවට මේ ආත්මේ ‍ගෙවනවා. දැන් ඊලගට යන තැනටත් වැඩක් සෙට් කර ගෙනමයි යන්නේ. අනේ මන්දා මේ වාගේ හිගන්නෝ. මට උනේ අතින් සල්ලි දිලා __ ටින් කිරි ගා ගන්න උන එකයි. ඔයාලත් අනිත් දවසේ හිගන්නන්ට දෙනවා නම් සියක් වත් දෙන්න බලන්න. ලගදිම චෙක් හෝ ක්‍රෙඩිට් කාඩ් ගයි….

Advertisements