රාවනා බලය හා කලාකරුවන්…

මේ දින වල ලංකාවේ ඇති වී ඇති ඇතැමි සිදුවීම් මාලාවන් ගෙන බැලීමේදී ඒවා මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සිතා ගැනීමටඅපහසු වන්නේ රටේ පවත්නා නීතිය ඇතැමෙක් විසින් අයාලේ යොදනා බැවිනි. පසුගිය දිනක තිරගත කරනා ලද සීතා මං ආවා යන චිත්‍රපටයට රාවනා බලය සංවිධානය මගින් බලවත් විරෝධයක් පළ කර කියා තිබුනේ මෙම ච්ත්‍රපටයෙන් සාවනා සිතා රාම ආදී නම් ඉවත් කල යුතු බවටය. ඒ ලංකේෂ්වර රාවණ රජුට අපහාස වන බව පවසමිනි. එහෙත් මෙය නැරඹු බොහෝ දෙනා හෝ පුද්ගලිකව මාද එය අනුමත නොකරන්නේ මෙහි එවැනි දෙයක් සිදු නොවනා බැවිනි.

ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ උරුමය අයිතිය අමු අමුවේම විනාශ වන බව සත්‍යක්ය. එය අප කවුරුත් පාහේ හොදින් දන්නා දෙයකි. යාන්තම් කුරගල දැනි නිදහස් කර ගත්තේද පල්ලියක් සමගිනි. දඹුල්ල, දෙවනගල, මුහුදු මහා විහාරය ආදි බොහෝ ස්ථාන අද විනාශ කර ඇති අතර තේවත්ත පල්ලිය වැනි ස්ථාන වල බෞද්ධ සාහිත්‍ය හා ඉතිහාසය අමු අමුවේම විකෘති කර ඇත. ඒ අතර හලාල් මාෆියාව තවමත් පැතිරි ඇති අතර අන්‍යාගමිකරණය බහුල වශයෙන් සිදු වෙමින් පවතී. කරුණු මෙසේ වෙද්ද් ජිවන බර දරා ගැනීමට බැරි මට්ටමකට පැමිණ තිබේ. එවැනි දේ කෙසේ වෙතත් මේ නමක් අල්ලාගෙන දගලන්නේ ඇයි දැයි ගැටලුවකි.

කළාකරුවෙක් නිශ්පාදනයක් කරන්නේ අපමණ වෙහෙසක් සිදු කර බව අප හොදින් දන්නා දෙයකි. ඒ කෙසේද යත් වර්තමාන සිංහල සිනමාවේ ආදායමක් උපයා ගැනීම යනු ඉතා අසීරු දෙයක් බවට පත්වී ඇත. එහෙත් යහපත් නිර්මාණයක් රස විදීමට ලාංකීය සිනමා රසිකයන් පසු බට වන්නේද නැත. ඒ බව මනාවට සිරි පැරකුම් , මාතා, ඉර හද යට, ගාමණි ආදි නිර්මාණයන්ගෙන් පෙන්වීනි. එහිදී වරද ඇත්තේ සිනමා නිර්මාණයේදී ලාංකීය සිනමා රසිකයන්ගේ රසාස්වාදනය බොළද ලෙසින් අර්ථකතනය කර බොළද නිර්මාණය කිරිමයි. එසේ නැතිනම් ලංකාවේ සිනමාව ගොඩ ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

සිනමා නිර්මාණයක් කල පසු එය ප්‍රසිද්ධ රැගුම් පාළක මන්ඩලයෙන් අනුමත වන්නේ නම් එයට ගැනීමට අවසර නැත. එහෙත් දැන් ලංකාවේ භික්ෂුන් වහන්සේලාගෙන්ද අවසර ගැනීමට සිදුව ඇත. ඒ රාවනා බලය සංවිධානයේ හිමිවරුන්ගෙන්ය. උන් වහන්සේලා විසින් සිදු කරනා ඇතැම් ගොන් පාට් ඉවසා සිටිනා සිංහල බෞද්ධයන් කරන්නේ බුදු හිමියන්ටද අගෞරවයකිනි. රට ජාතිය ආගම එදා සිටම අද දක්වාම ආරක්ෂා කෙරුනේ අරහත් ධජය සෙවනේ බව අප කවදත් පිළිගත යුතුමය. උන් වහන්සේලා නොසිටින්නට අද අපට රටක් හෝ ජාතියක් නැති වනු ඇත. එහෙත් දැන් මේ නටනා නාඩගම් නම් සිනා උපදවන සුලුය.

රාවනා සිටියාද නැතිද අප දන්නේ නැත. අප දන්නා එකම දේ නම් රාවනා හා රාමගේ යුද්ධයයි. එහිදී මෙම නම් කිසි ලෙසකින්වත් යොදා ගෙන නිර්මාණයක් තහනම් කරන්නට සෑදීම පුදුම සහගතය. උන් වහන්සේලාගේ බොලද වැඩ ඉවසා සිටීම දැන් හොදටම ඇතිය. උන් වහන්සේලාට රතු පස්වල වතුර ගැටලුව පෙනුනේ නැත. දෙවනගල පුද බිම දුටුවේද නැත. විදුලි බිල වැඩිවීම දැනුනේද නැත. තේවත්ත පල්ලිය පෙනුනේද නැත. දුටුව එකම දෙය නම් රාවනාය.

ගරු කටයුතු හිමියනි, රාවනා වලෙන් නැගිට ආවද මහන්දගේ ගේම් සිතා ගත නොහැකි වු විට නැවත මිය යනු නොඅනුමානය. එබැවින් වැදගත් හිමි නමක් ලෙස ධර්මානුකුලව ජිවත් වනු මැනවි. මෙවැනි ගොන් පාට් බලා සිට අපට ඇති වී ඇත.

Advertisements