ලංකාවේ ජනමාධ්‍යයේ ප්‍රවෘත්ති…

පොදුවේ ගත්තාම ලංකවේ විතරක් නෙමෙයි ලෝකේ කාටත් දැන් ප්‍රවෘත්ති උණක් තියෙන්නේ. කොයි වෙලේ මොකක් වෙයිද කියලා දන්නේ නැති හින්දාද මන්දා මිනිස්සු පුදුම විදිහය ප්‍රවෘත්ති පස්සේ පනන්නනවා. ජනමාධ්‍යත් මේක පුදුම විදිහට තමයි මාර්කට් කරන්නේ. මොකද නිවුස් බෙඩ් එකේ ඇඩ් එකක් දා ගන්නත් ලේසි නැනේ. පොදුවේ ගත්තාම තාමත් අපි පත්තර කියවනවා. ගොඩක් වෙලාවට ඒ ඇඩ් බලන්න වෙන්න පුලුවන්. නැත්තම් ගොඩක් වෙලාවට ගැසට් එක කියවන්න වෙන්නත් පුලුවන්. මේක ලියන්න පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ මගේ පුද්ගලික දෙයක් මිසක් වෙන කාටවත් මඩ ගහන්න ලියන පෝස්ට් එකක් නෙමෙයි. මට හිතෙනදේ විතරයි ලියන්නේ… 

මං පොදුවේ රජයේ ජනමාධ්‍ය බලන්නේ නැ. මොකවත් නෙමෙයි ආණ්ඩුවේ හොද මිසක් නරකක් කවදාවත් කියන්නේ නැ. විශේෂයෙන් ස්වාධීන රුපවාහිනිය නම් බලන්නේම නැ. මොකද ඒ නිවුස් වල තියෙන්නේ ආණ්ඩුව කරපුවා කියපුවා කරන්න යන ඒවා සහ අනිත් පක්ෂ වල වැරදි විතරයි. ගොඩක් ජාත්‍යන්තර පුවත් ගොන් පාට් කියලා හිතෙනවා ගොඩක් වෙලාවට. බොරු පම්පෝරි විතරයි තියෙන්නේ. ඉස්සර ජාතික රූපවාහිනිය ටිකක් විතර හොදයි. ඒත් දැන් එ්කත් වැඩක් නැ. මොනවා උනත් වෙන චැනල් පේන්නේ නැති පැති වලට ඉතින් කැමති උනත් අකමැති උනත් මේවා බලන්නම වෙනවා.

ප්‍රවෘත්ති කියන එකේ ස්ටයිල් එක වෙනස් කරේ මට මතක ඇති විදිහට නම් ස්වර්ණවාහිනියයි. කතන්දර කියනවා වාගේ ප්‍රවෘත්ති කියන එක සමහර අයට ඇල්ලුවාට සමහර අයට නම් වැඩියේ සෙට් උනේ නැ. අැයි  කියලා නම් දන්නේ නැ. මොනවා උනත් ස්වර්ණවාහිනිය සමබරව ප්‍රවෘත්ති විකාශය කලා කාලෙකට කලින්. දැන් නම් ටිකක් විතර විකාර වෙලා තියෙන්නේ. ගමට අට අරක මේක කියලා රට වටේම ප්‍රවෘත්ති කියන්න  සෙට් උන එකේන් ස්වර්ණවාහිනියට ටිකක් හොද කලක් ආවා.

දෙරණ ගැන කතා කලොත් ඇත්තතටම හොදට ප්‍රවෘත්ති කිවා. දැන් නම් එපා වෙනවා ෆෝන් වලට අද දෙරණට ලියාපදිංචි වෙන්න කියලා හැම වෙලේම කියවන එකෙන්. අනික ඉස්සර වෙලාම ප්‍රවෘත්තිය කීවේ අපි කියලා කියන්න දෙරණ හෙන ආසයි. දැන් මොන පරණ නිවුස් එකක් ගියත් ඒක ඉස්සෙල්ලාම කිවේ දෙරණ කියලා කියනවා. මේක නම් ටිකක් විතර චාටර්. අනික නිවුස් රිපෝටර්ලා ගත්තාම චතුර අල්විස් වාගේ අලුත් පරම්පරාවේ අය නියමෙට ඉදිරිපත් කරනවා. පොදුවේ ගත්තාම දෙරණ නිවුස් හොදයි. දැන් දැන් දාන ගොන් පාට් ටික අඩු උනා නම් නියමෙටම නියමයි.

ඉස්සර ආණ්ඩුව විවේචනය කරන නියමම චැනල් එක තමයි සිරස. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලානේ කිවේ ඒකාලේ. සිරසේ නියම රිපෝටර්ලා ටික හිරු එකට කඩාගෙන ගියාම ඇත්තටම සිරස නිවුස් වැටුනා. නියම සෙට් එකක් හිටියා ඇත්තටම. මොනවා උනත් දැන් නම් සිරස නියමෙට කඩේ යනවා ආණ්ඩුවට. ඉස්සර වාගේ චැන් බලන්න හිතෙන්නේ නැ. අනික නිවුස් යන වෙලාවත් ටිකක් අප්සෙට් මොකද රැ 10.00 ට නේ 7න් පස්සේ යන්ෙන්..

හිරු එකට සිරසෙන්, ස්වර්ණවාහිනියෙන් ආපු සෙට් එක නිසා නියමෙට වැඩේ යනවා. පොඩ්ඩක් නිර්මාණශිලිත්වයක් තියෙනවා. නියමෙට ලස්සනට අදින රිපෝටර්ලා ඉන්නේ හිරු එකේ තමයි. මොකද සිරසෙන් අාපු සෙට් එකක්නේ ඉන්නේ. ඉදිරිපත් කිරිමේ විලාශය ඇත්තටම හොදයි. සිරසේ අාභාෂය ඒ විදිහටම තියෙනවා. ටිකක් සමබරව යනවා. එ්ත් දුමින්ද සිල්වා මහත්තයාට කිබුහුමක් ගියත් ලොකුවට පෙන්නනවා. සමස්තයක් ගත්තාම හොදයි…

නිවුස් වල යන සමහර වැඩ සටහන් ගත්තාම ඇත්තටම හොදයි. උදාහරණයක් විදිහට රටට කියන්න, ගමට අට, සි.අයි.ඒ. රතු මින්තුව වාගේ ඒවා හොදයි. විපරමය නම් ඉතින් ගන්න දෙයක් නැ. මොනවා උනත් දැන් ලංකාවේත් නිවුස් වලට ලොකු තැනක් තියෙනවා. සමබර නිවුස් ඉදිරියටත් රටට ගෙන්න මේ හැම ආයතනයක්ම වැඩ කරයි කියලා හිතනවා….

 

 

 

 

 

 

 

 

Advertisements