රස්සාව නිසා ජිවිතය එපා වී ඇත

 

අපි කාටත් තියෙන ලොකුම දෙයක් තමයි රස්සාව නිසා ඇතිවන එපා වීම. මොකද මට නම් සමහර වෙලාවකට මේ රස්සාවල් දාලා එන්නම හිතෙනවා. ඒ තරමට ඔලුවේ කැක්කුමක් එනවා. මොනවා කරන්නද ඉතිං. වෙන කරන්න දෙයක් නැනේ…ජිවිතයේ ගැටලු නිසා ඇත්තටම අපි මානසික රෝගීන් වෙනවා. ඒක නිසා ඇත්තටම අපිට ජිවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

සිකුරාදා හවස අපි ගෙදර එන්නේ කොච්චර ආසාවෙන් උනත් ආයෙත් සදුදා යන්න වෙන එක මතක් වෙන කොට එපා වෙනවා. රස්සාව එපා වෙන්නේ ගොඩක්ම අපිට හම්බ වෙන ලොක්කෝ නිසායි. මං වැඩ කරන ආයතනයට සම්බන්ධ වෙන්න කොච්චර නම් උත්සාහ කරාද.. අන්තිමට මට ඒක ලැබුනා. මගේ කලින් ලොක්කා රන් කදක්. දැන් ඉන්න මුසලයා මොනවා කරලාවත් සතුටු කරන්න පුලුවන් එකෙක් නෙමෙයි. අපි මොන දේ කරත් ඒකට ඒකේ වරදක් පේනවා. වෙන තැන් වලට මාරු වෙන්න පුලුවන් උන් හැම එකාම මාරු වෙනවා. මං මේ මට වෙන තැනකට යන්න පුලුවන් වෙනකම් ඉන්නේ බලාගෙන. සේවකයන්ට මොනම දෙයක්වත් මේ තැනින් වෙන්නේ නැ. ඒක නිසා වැඩ කරන මිනිස්සු පවා ඉන්නේ ගොඩක් කලකිරිමෙන්. අපි කවුරුත් ජිවත් වෙන්න ඕනේ කියන එක මේ මුසලයාට අමතක වෙලා තියෙනවා. මොනවා කරන්නද කරන්න දෙයකුත් නැනේ…

පහලින් තියෙන්නේ මට මුණු පොතෙන් හම්බ උන නියම ඉමේජ් එකක්… පොඩ්ඩක් බලන්න කොච්චර ඇත්තද කියලා…

our job culture

අතිතය සිහිනයක් පමණයි…

අද ටිකක් විතර නිදහසක් තිබුන නිසා ගේ අස් කරන්න ගත්තා. කෙහොම හරි අස්සකත තිබිලා පරණ ෆොටෝ වගයක් හම්බ උනා. ඒවා මම උසස් පෙල කරන කාලේ ගත්ත ඒවා වගයක්. මොනවා උනත් කාගේත් ජිවිත වල ගෙවාපු හොදම කාලය තමයි මේ නව යොවුන් අවධිය. මගේ ජිවිතේ මේ කාලය ගොඩක් ලස්සන සිදුවීම් දුක හිතෙන සිදුවිම් අනාගතවයට පාර කපන සිදුවීම් මේ හැම දෙයක්ම අත්විදින්න උනා. ඒ වාගේම කරපු ගොන් කම් සමහර ඒවා අද වෙනකම් ගෙවා ගන්න බැරිවත් ඉන්නවා. මොනවා උනත් මිනිස්සුන්ටනේ මේ හැම දෙයක්ම වෙන්නේ කියලා අද අනාගතයට මුණ දෙනාවා.

උසස් පෙල කරන්න මං තෝරගත්තේ මගේ පරණ ඉස්කෝලෙමයි. මේ කාලේ තමයි මං බයික් එකක් ගත්තේ. ගොඩක් වෙලාවට කරේ යාලුවෙක් දාගෙන කොහේහරි රවුමක් ගහපු එක තමයි. මොනවා උනත් මට පුලුවන් විදිහට අනිත් උන්ටත් ගොඩක් උදවු කරා. මොනවා උනත් මගේ ජිවිතේ හොද කාලයක් ඒ කාලේ. මේ කාලේදි කොල්ලෝ එක්ක සෙට් වෙලා අම්බානක ෆන් අරන් තියෙනවා. ඒ කාලේ අරක්කු කෙල්ලෝ හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. ඒ අත්දැකීම් නරක වුනත් ඒවායින් අද වෙනකොට ගොඩක් අත්දැකිම් බහුල කෙනෙක් වෙන්න පුලුවන් වෙලා තියෙනවා. එයින් මෙයින් උසස් පෙලත් පාස් කරගෙන ( අනිත් උන් වාගේ දොස්තරලා වෙන්න නම් බැරි උනා ) රස්සාවක් කරන්න පටන් ගත්තා

සමහර සිද්ධීන් මතක් කරන්නත් ගොඩක් දුකයි. මගේ හොදම යාලුවා වෙලා ඉදපු චරියා නැති උනෙත් මේ කාලයේදීම තමයි. අදටත් චරියා වෙනුවෙන් මට ගොඩක් දුකක් දැනෙනවා. ඒ මතනය අද වෙන කම් නම් අමතක වෙන්නේ නැ. කෙල්ලෙක්ට කියලා සිරා ලව් එකක් කරන්න පටන් ගත්තේ මේ කාලේදී තමයි. ඒත් කෙල්ලක් එක්ක ජිවත් වෙන්නේ කොහොමද කියලා දැනුමක් නැති හින්දාද මන්දා ඒ ලවු එක අවුරුදු ගානක් ඇදි ඇදි තිබිලා ඉවර උනා. අද ඒ කෙල්ල බැදලා.

ජිවිතේ අලුතින් පටන් ගත්තා. උපාධියක් කරා. ඒ කාලේම තව ගොඩක් කෝස් කරා. කොහොම හරි ඉතිං අවසානයේ අද වෙනකොට හොද තැනක ඉන්නවා. තාමත් ආර්ථිකය එච්චරම හොද නැ. පරණ ණය ගෙවනවා තාම. ඉක්මනටම මේවා ඉවර වෙයි…

බලාපොරොත්තුවක් එක්ක ජිවිතේ ගෙවනවා…..එච්චර…..

රාවනා බලය හා කලාකරුවන්…

මේ දින වල ලංකාවේ ඇති වී ඇති ඇතැමි සිදුවීම් මාලාවන් ගෙන බැලීමේදී ඒවා මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සිතා ගැනීමටඅපහසු වන්නේ රටේ පවත්නා නීතිය ඇතැමෙක් විසින් අයාලේ යොදනා බැවිනි. පසුගිය දිනක තිරගත කරනා ලද සීතා මං ආවා යන චිත්‍රපටයට රාවනා බලය සංවිධානය මගින් බලවත් විරෝධයක් පළ කර කියා තිබුනේ මෙම ච්ත්‍රපටයෙන් සාවනා සිතා රාම ආදී නම් ඉවත් කල යුතු බවටය. ඒ ලංකේෂ්වර රාවණ රජුට අපහාස වන බව පවසමිනි. එහෙත් මෙය නැරඹු බොහෝ දෙනා හෝ පුද්ගලිකව මාද එය අනුමත නොකරන්නේ මෙහි එවැනි දෙයක් සිදු නොවනා බැවිනි.

ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ උරුමය අයිතිය අමු අමුවේම විනාශ වන බව සත්‍යක්ය. එය අප කවුරුත් පාහේ හොදින් දන්නා දෙයකි. යාන්තම් කුරගල දැනි නිදහස් කර ගත්තේද පල්ලියක් සමගිනි. දඹුල්ල, දෙවනගල, මුහුදු මහා විහාරය ආදි බොහෝ ස්ථාන අද විනාශ කර ඇති අතර තේවත්ත පල්ලිය වැනි ස්ථාන වල බෞද්ධ සාහිත්‍ය හා ඉතිහාසය අමු අමුවේම විකෘති කර ඇත. ඒ අතර හලාල් මාෆියාව තවමත් පැතිරි ඇති අතර අන්‍යාගමිකරණය බහුල වශයෙන් සිදු වෙමින් පවතී. කරුණු මෙසේ වෙද්ද් ජිවන බර දරා ගැනීමට බැරි මට්ටමකට පැමිණ තිබේ. එවැනි දේ කෙසේ වෙතත් මේ නමක් අල්ලාගෙන දගලන්නේ ඇයි දැයි ගැටලුවකි.

කළාකරුවෙක් නිශ්පාදනයක් කරන්නේ අපමණ වෙහෙසක් සිදු කර බව අප හොදින් දන්නා දෙයකි. ඒ කෙසේද යත් වර්තමාන සිංහල සිනමාවේ ආදායමක් උපයා ගැනීම යනු ඉතා අසීරු දෙයක් බවට පත්වී ඇත. එහෙත් යහපත් නිර්මාණයක් රස විදීමට ලාංකීය සිනමා රසිකයන් පසු බට වන්නේද නැත. ඒ බව මනාවට සිරි පැරකුම් , මාතා, ඉර හද යට, ගාමණි ආදි නිර්මාණයන්ගෙන් පෙන්වීනි. එහිදී වරද ඇත්තේ සිනමා නිර්මාණයේදී ලාංකීය සිනමා රසිකයන්ගේ රසාස්වාදනය බොළද ලෙසින් අර්ථකතනය කර බොළද නිර්මාණය කිරිමයි. එසේ නැතිනම් ලංකාවේ සිනමාව ගොඩ ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

සිනමා නිර්මාණයක් කල පසු එය ප්‍රසිද්ධ රැගුම් පාළක මන්ඩලයෙන් අනුමත වන්නේ නම් එයට ගැනීමට අවසර නැත. එහෙත් දැන් ලංකාවේ භික්ෂුන් වහන්සේලාගෙන්ද අවසර ගැනීමට සිදුව ඇත. ඒ රාවනා බලය සංවිධානයේ හිමිවරුන්ගෙන්ය. උන් වහන්සේලා විසින් සිදු කරනා ඇතැම් ගොන් පාට් ඉවසා සිටිනා සිංහල බෞද්ධයන් කරන්නේ බුදු හිමියන්ටද අගෞරවයකිනි. රට ජාතිය ආගම එදා සිටම අද දක්වාම ආරක්ෂා කෙරුනේ අරහත් ධජය සෙවනේ බව අප කවදත් පිළිගත යුතුමය. උන් වහන්සේලා නොසිටින්නට අද අපට රටක් හෝ ජාතියක් නැති වනු ඇත. එහෙත් දැන් මේ නටනා නාඩගම් නම් සිනා උපදවන සුලුය.

රාවනා සිටියාද නැතිද අප දන්නේ නැත. අප දන්නා එකම දේ නම් රාවනා හා රාමගේ යුද්ධයයි. එහිදී මෙම නම් කිසි ලෙසකින්වත් යොදා ගෙන නිර්මාණයක් තහනම් කරන්නට සෑදීම පුදුම සහගතය. උන් වහන්සේලාගේ බොලද වැඩ ඉවසා සිටීම දැන් හොදටම ඇතිය. උන් වහන්සේලාට රතු පස්වල වතුර ගැටලුව පෙනුනේ නැත. දෙවනගල පුද බිම දුටුවේද නැත. විදුලි බිල වැඩිවීම දැනුනේද නැත. තේවත්ත පල්ලිය පෙනුනේද නැත. දුටුව එකම දෙය නම් රාවනාය.

ගරු කටයුතු හිමියනි, රාවනා වලෙන් නැගිට ආවද මහන්දගේ ගේම් සිතා ගත නොහැකි වු විට නැවත මිය යනු නොඅනුමානය. එබැවින් වැදගත් හිමි නමක් ලෙස ධර්මානුකුලව ජිවත් වනු මැනවි. මෙවැනි ගොන් පාට් බලා සිට අපට ඇති වී ඇත.

අතිතය සිහිනයක් පමණයි…

අද ටිකක් විතර නිදහසක් තිබුන නිසා ගේ අස් කරන්න ගත්තා. කෙහොම හරි අස්සකත තිබිලා පරණ ෆොටෝ වගයක් හම්බ උනා. ඒවා මම උසස් පෙල කරන කාලේ ගත්ත ඒවා වගයක්. මොනවා උනත් කාගේත් ජිවිත වල ගෙවාපු හොදම කාලය තමයි මේ නව යොවුන් අවධිය. මගේ ජිවිතේ මේ කාලය ගොඩක් ලස්සන සිදුවීම් දුක හිතෙන සිදුවිම් අනාගතවයට පාර කපන සිදුවීම් මේ හැම දෙයක්ම අත්විදින්න උනා. ඒ වාගේම කරපු ගොන් කම් සමහර ඒවා අද වෙනකම් ගෙවා ගන්න බැරිවත් ඉන්නවා. මොනවා උනත් මිනිස්සුන්ටනේ මේ හැම දෙයක්ම වෙන්නේ කියලා අද අනාගතයට මුණ දෙනාවා.

උසස් පෙල කරන්න මං තෝරගත්තේ මගේ පරණ ඉස්කෝලෙමයි. මේ කාලේ තමයි මං බයික් එකක් ගත්තේ. ගොඩක් වෙලාවට කරේ යාලුවෙක් දාගෙන කොහේහරි රවුමක් ගහපු එක තමයි. මොනවා උනත් මට පුලුවන් විදිහට අනිත් උන්ටත් ගොඩක් උදවු කරා. මොනවා උනත් මගේ ජිවිතේ හොද කාලයක් ඒ කාලේ. මේ කාලේදි කොල්ලෝ එක්ක සෙට් වෙලා අම්බානක ෆන් අරන් තියෙනවා. ඒ කාලේ අරක්කු කෙල්ලෝ හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. ඒ අත්දැකීම් නරක වුනත් ඒවායින් අද වෙනකොට ගොඩක් අත්දැකිම් බහුල කෙනෙක් වෙන්න පුලුවන් වෙලා තියෙනවා. එයින් මෙයින් උසස් පෙලත් පාස් කරගෙන ( අනිත් උන් වාගේ දොස්තරලා වෙන්න නම් බැරි උනා ) රස්සාවක් කරන්න පටන් ගත්තා

සමහර සිද්ධීන් මතක් කරන්නත් ගොඩක් දුකයි. මගේ හොදම යාලුවා වෙලා ඉදපු චරියා නැති උනෙත් මේ කාලයේදීම තමයි. අදටත් චරියා වෙනුවෙන් මට ගොඩක් දුකක් දැනෙනවා. ඒ මතනය අද වෙන කම් නම් අමතක වෙන්නේ නැ. කෙල්ලෙක්ට කියලා සිරා ලව් එකක් කරන්න පටන් ගත්තේ මේ කාලේදී තමයි. ඒත් කෙල්ලක් එක්ක ජිවත් වෙන්නේ කොහොමද කියලා දැනුමක් නැති හින්දාද මන්දා ඒ ලවු එක අවුරුදු ගානක් ඇදි ඇදි තිබිලා ඉවර උනා. අද ඒ කෙල්ල බැදලා.

ජිවිතේ අලුතින් පටන් ගත්තා. උපාධියක් කරා. ඒ කාලේම තව ගොඩක් කෝස් කරා. කොහොම හරි ඉතිං අවසානයේ අද වෙනකොට හොද තැනක ඉන්නවා. තාමත් ආර්ථිකය එච්චරම හොද නැ. පරණ ණය ගෙවනවා තාම. ඉක්මනටම මේවා ඉවර වෙයි…

බලාපොරොත්තුවක් එක්ක ජිවිතේ ගෙවනවා…..එච්චර…..

කාලෙකින් බ්ලොග් ලියන්න ආවා….

කාලෙකින්  බ්ලෝග් එකක් ලියන්න ආවා. මං  හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ තමයි ආවේ…  පහු ගිය අවුරුද්දේ පුදුම විදිහට කරදර ආවා ජිවිතයට… මොනවා කරන්නද ඉතිං….දැන් ටිකක් පිලිවෙලක් තියෙනවා… මොනවා හරි ලියන්න බලමු එහෙනම් නේද???

 

මගේ ලිපියත් ලක්බිම පත්තරේ….

මම ලියපු ලිපියක් ඔන්න ලක්බිම පත්ත‍රේ ගියා. ගොඩක් සතුටුයි.  ඔයාලගෙන් ලැබුනු සහයෝගය නිසා තමයි  බ්ලොග් ලියන්න ආසා හිතුනේ. මගේ ලිපියට කමෙන්ට් දාපු එක්කෙනෙක් නම් ගාමන්ට් කැලි වලට‍ … දෙන්න එපා කියලා කියලා තිබුනා. ඒත් කමක් නැ. කොහොම උනත් දැන් අපේ අයට හොද අවස්ථාවක් උදා වෙලා තියෙනවානේ. ඒ ගැන සතුටුයි…

ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

ඔබත් ආයතනයක මානව සම්පත්  කළමනාකරන අංශයේ සේවය කරන්නේ නම් මේ ගැන කියන්න දෙයක් නැති තරම්. ‍අපේ ආයතනයේ සෙවය කරන්නේ වැඩි හරියක්ම ගැනු ළමයි. පිරිමිත් නැත්තේමත් නැ. අපේ ආයතනය ගාමන්ට් එකක්.ඔන්න කොටින්ම කිවොත්. සේවකයන් දෙදහසක් විතර ඉන්නවා. එයින්‍ ගොඩක්ම අය ගැනු ළමයි. ගාමන්ට් කෙලේලෝ කිවාම ගොඩක් අය හිතන්නේ ඉතාම පහල මට්ටමින්. එහෙම  කියලා අපහාසයෙන් බැලුවට අපේ වාගේ ආයතනවල සේවය කරන අහිංසක දුප්පත් කෙල්ලෝ ටික නැති වෙන්න ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වැහිලා යනවා. දැන් තේ පොල් රබර් නෙමෙයිනේ ‍. දැන් ඇගලුම් නේ තියෙන්නේ. කොහොම උනත් අපේ වාගේ ආයතනවල ඉන්න  අහිංසක කෙල්ලෝ ටික නැත්තම් ලංකාවේ දියුනුව ගොඩක් ආපස්සට යනවා.

ගාමන්ට් එකේ ළමයි කිවාම ගොඩක් අය හිතන්නේ හුගක් පහල මට්ටමින්. ඒත් ඒ අහිංසක ළමයින්ගේ දියුනුවක් ගැන ‍අයිතියක් කතා කරන්නකවුරුත් නැ. ගොඩක් ළමයි ඇවිත් තියෙන්නේ ගම්වලින්. අම්මලා තාතත්තලා ගොවිතැන් කරන අය. දෙමව්පියන්ට පවුල බර ගෙනියන්න බැරි නිසා තමයි මේ විදිහට ගොඩක් අය මේ ඇගලුම් ආයතන වල සේවයට ඇවිල්ලා තියෙන්නේ. නැතිව ගෙදරට වෙලා ඉන්න ආසාවක් නැතිව නෙමෙයි. ගොඩක් වෙලාවට මැෂින් ‍ඹපරේටර් කෙනෙක්ට ලැබෙන්නේ හුගාක් අඩු පඩියක්. බොහෝ ආයතනවල ඒ ළමයින්ට ලැබෙන්න ඕන මුදල් ප්‍රමාණයන් දෙන්නේ නැ. හුගාක් අඩු පඩියකට වැඩ කලත් මේ අහිංසකයන්ට කරන්න කප්පරක් වැඩ තියෙනවා. ටාගට් තියෙනවා ඉවර කරන්න. වෙන වැඩ කරන්න බැ. ළග කෙනෙක් එක්ක කතා කරන්න බැ. වැඩ වැඩ වැඩ. සමහර ආයතනවල වැසිකිලියටවත් යන්න බැ වැඩ වෙලාවට. මේ කෙලේලෝ ගොඩක් වෙලාවට නැවතිලා ඉ‍න්නේ බෝඩිම් කාමර වල.ඒවා ලැලි මඩු වෙන දේවල් නෙමෙයි. ලයිට් නැ ගොඩක් වෙලාවට. ඒසි වල ඉන්න ලොකු නෝනලාට මේ ළමයි කැලි වෙන්නේ ඒකනේ. ගොඩක් වෙලාවට මේවාගේ විදින්නේ අමු ම අමු දුකක්.

පඩි වැඩි විම් ගැන කතා කරන්න මේ ළමයින්ට හැකියාවක් නැ. දෙන ගාන ගන්න වෙනවා. වෘත්තිය සමිති නැ. වෙන සමිති නැ. ‍අයිතිවාසිකම් ඉල්ලන්න දෙන්නේ නැ. දෙන දෙයක් ගන්න වෙනවා. රු ‍වැඩ තහනම් කිවාට එහෙම නැ. වැඩ කරන්නේම රෑ. අපේ ලොකු නෝනලා මහත්තුරු වාගේ පඩි වැඩි කරන්න කියලා වර්ජන කරන්න බැ. කරන්න පුලුවන් ගෙදර ගිහින්.  ෆැක්ටරියේ ඉදන් බෝඩිමට බොහෝ වෙලාවට පයින් යන්නේ මහ රෑ. කවුරුවත් ඒ ළමයින්ගේ ආරක්ෂාවක් ගැන හිතනවාද? ගම්වල හැදුන වැඩුන මල් වාගේ කෙල්ලන්ව මහ රෑ පාරේ තනියම යන්න වෙනකොට මොනවා හිතෙනවාද ? අපි කවදාවත් ‍අපේ නංගියෙක් තනියම රෑක ගමනක් යවනවාද?
මේ අය‍ට තියෙන්නේ ඉතාම අහිංසක බලාපොරොත්තු. ගොඩක් ලොකු දේවල් නැ. නංගිට උගන්වන්න. මල්ලිට කොහොම හරි පඩියෙන් අලුත් ඇදුමක් අරන් ‍දෙන්න. ලෙඩ ඇදේ ඉන්න තාත්තගේ බේත් ටික ගන්න වාගේ දේවල් තමයි ‍තියෙන්නේ. නැතිව පගාව ගන්න, කොමිස් ගහන්න, ඒවා මේ අය ගාව නැ. ගොඩක් ඉගෙන ගෙන නැ තමයි. විශ්ව විද්‍යාල වල උපාධි නැ. ඒක් ඒ මිනිස්සුත් එක්ක ඉන්න එක වෙලාවකට කොයිතරම් සැහැල්ලුවක් දැනෙනවාද කියලා මානය සම්පත් අංශයක සේවය කරනවා නම් ඔබ දන්නවා ඇති.

අ‍පේ මානව සම්පත් කළමණාකාර තුමාට සියලු සේවකයන් දරුවන්ය. කෙල්ලන්නය. කෙල්ලන්ට ඔවුන්ගේ තාත්තාය. කොයිතරම් නම් හිතවත්ද? මේ සියල්ල කරන්නේ මේ අහිංසකයන්ගේ රිරි මාංස උරා බෙන්න නොව ඔවුන්ට සැබවින්ම ආදරය කරන්නය.

හවසට කටුනායකින් හෝ බියගම හෝ  ඇගලුම් ආයතන අසලින් යන වාහන වල බොහෝ දෙනෙක් විදුරුවෙන් බෙල්ල දික්කර කර  බලන්නේ ඔවුන්ගේ මස් ටික හුරාගෙන කන්නේ කොහොමද කියාය. කොටින්ම කිවොත් හොද කැල්ලක් හොයා ගන්නටය. ඒ ඇයි. සමාජය සිතන්නේ ඇගලුම් කර්මාන්තයේ ඉන්නේ සියල්ලන්ම ගනිකාවන් කියාය. අසික්කිත ගැනුන් කියාය. එසේ අයද නැතුවා නොවන්නේය. එහෙම උන් හිටියද ඒ ටිකය. පැය ගානක් මැසිමක් පාගා හරි දවසම හිටගෙන ඉදලා ලැලි කාමරේට වෙලා පාන් කැල්ලයි පරිප්පු ටිකයි කාලා නිදගෙන ආපහු පහුවදා වැඩට යන මේ අහිංසකයන් ගනිකාවන් නොවේ. ඔවුන් තව කෙනෙක්ගේ ආසාවන් ඉටු කරන සෙල්ලම් බඩුද නොවන්නේය. මේ අපේ රටේ සම්පත්ය. ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්න හොර ගොඩියන්ට වඩා මට නම් වටින්නේය. ලොකු උපාධි අරන් රට කන නෝනලාට වඩා මට වටින්නේය.  මේ අපේම නංගිලාය, අක්කලාය, අපේම නැ‍දැයන්ය. එහෙව් ‍එකේ ගාමන්ට් ඇරෙන වෙලාවකට එතනට ගොස් කැලි හොයන්නේ බුරුවන්ය. උන් උන්ගේ අම්මලා දන්නේ නැත. නංගිලා ගැන දන්නේද නැත

සියලු දෙනා හොද නැත. ඒ උනත් බොහෝ දෙනෙක් එසේ නැත. කන එක මකුනා නිසා සියලුම මකුනන් මරන්න එපා. ඔබවත් ඔවුන් දෙස දයාවෙන් බලන්න. ඔවුන්ටත් ආදරය අයිතිය. ඔවුන්ටත් සමා‍ජයේ නම්බුකාර ලෙස ජිවත් විස අයිතිය. ඔවුන්ටත් සැප විදිමට අයිතිය. අප විසින් කල යුත්තේ ඔවුන්ගේ නිසි තැන දිමය.

මිලාන වී ගිය නුඹගේ දෙනුවන්
පවසයි දුක්බර දිවිය නුඹේ
ගෙවනා හැම මොහොතකම සෙත වෙයන්
නුඹට දයාබර හිතවතියේ……